Koyi Tharam Song Lyrics - කොයි තරම් ගීතයේ පද පෙළ

Koyi Tharam Song Lyrics - කොයි තරම් ගීතයේ පද පෙළ
Song Title : Koyi Tharam (කොයි තරම්)
ගායනය : කීර්ති පැස්කුවෙල්
සංගීතය : දුලාජ් ධනුෂ්ක
ගී පද : සජිත් වී. චතුරංග


කොයි තරම් දෙනුවන් අයා
සිටියාද මා පෙරදා
ආදරෙන් ඔබ එයි කියා
කවදාක හෝ සොයලා
ජීවිතේ ලැබුණා වගේ
දුටුවාම මා ඔබගේ දිහා

මා ජීවත් වුණේ
ඔබේ සෙනෙහේ නිසා
එපා දුරින් රැ‍ඳෙන්න කිසිදා
පාළුවක් මට නොදෙන්න
ආදරෙන් මගෙ ළඟ ඉන්න

කොයි තරම් දෙනුවන් අයා
සිටියාද මා පෙරදා
ආදරෙන් ඔබ එයි කියා
කවදාක හෝ සොයලා

හොරෙන් සංසාරයේ
මගේ දිවියේ පුරා
සදා පුරා සඳක් ලෙස පායා
මා ළඟින් ඔබ හිනැහෙන්න
දෑස මෙන් මා රැකගන්න

කොයි තරම් දෙනුවන් අයා
සිටියාද මා පෙරදා
ආදරෙන් ඔබ එයි කියා
කවදාක හෝ සොයලා
ජීවිතේ ලැබුණා වගේ
දුටුවාම මා ඔබගේ දිහා

ජීවිතේ ලැබුණා වගේ
දුටුවාම මා ඔබගේ දිහා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment