🌿 ඉන්දියාවේ කාශ්මීරයේ සහ සීඛීම් රටෙහි බහුලව වැවේ. “කටුකරෝහිනී“ යන නම්න්ද හැඳින්වෙන මෙම ශාකය බූව සහිත, අඩි 6-8 පමණ උසැති පැළෑටියකි.
🌿 අඟල් 8 ක් පමණ දික්වූද මිනිසෙකුගේ සුළැඟිල්ල පමණ මහත් වූද රෛසෝමයක් මේ ශාකයට ඇත.
🌿 වියළි පත්‍ර පාදවලින් රෛසෝමය වැසී ඇත. ශාකයේ පත්‍රයක් අඟල් 3 ක් පමණ දිගු වන අතර තරමක් චර්මලය. පත්‍ර නටුවට කොපුවක් ඇත. අක්ෂ පත්‍රවලට වඩා දිගය. ශුකියක් අඟල් 3 ක් පමණ දිගය.
🌿 මේ ශුක්වල බොහෝ මල් පිපේ. මල් ද්වී-ඕෂධීය. ද්වීරූපය. කෙටි රේණු මෙන්ම දිග රේණු ඇති මල්ද දක්නා ලැබේ. රේණු 4 ක් පමණ පිහිටා ඇත.
🌿 ඩිමිබ කෝෂය ද්වීකෝෂ්ඨය හෙවක් කොටස් දෙකකින් සමන්විතය. එහි බොහෝ ඩිම්බ ඇත.
🌿 කටුකරෝසන ඵලය ස්ඵෝටිකාවකි. එය අඟල් 1/2 පමණ දිගය. මෙම ශාකයේ බොහෝ ඵල හට ගනී.
ඖෂධීය වටිනාකම
🌿 සංස්කෘත ග්‍රන්ථවල කටුකරෝසන “කටුකා“, “අන්ජානි“, “කටුකරෝහිනී“ සහ “මහෞෂධී“ ආදී නම්වලින් හැඳින්වේ.
කටුකරෝ සන තිත්තය, කටුකය, බොහෝ ගුණ ඇත්තේය. මල බැඳීම කෙරෙයි, කුසගිනින වඩයි, හෘදයට හිතකරය, රුධිර දෝෂ නසයි. කටහඬෙහි විකෘතීන්, කුරුමිණි රෝග, පෙනහලු රෝග, ක්ෂ්ට, දැවිල්ල, තුන්දොස්කිපීමෙන් ඇති වන උණ හා ඉක්කාව යන රෝග නසයි. උදර රෝග, පණු රෝග, සෙම හා පිත කිපීම නිසා ඇතිවන උණ හා ඉක්කාව යනාදියට අන්‍ය ඖෂධ සමග කටුකරෝසන දෙනු ලැබේ.
🌿 සර්ප විෂ, ගෝනුසු විෂ, මකුළු විෂ ආදියේදී දිය යුතු ඖෂධයක් ලෙස පැරණි වෛද්‍ය ග්‍රන්ථවල සඳහන්වේ. කුසගිනි අඩු වීම, ආමාශයේ සහ අන්ත්‍රවල වේදනා ආදියට කටුකරෝසන ඉතා ගුණදායක බව සඳහන්වේ.
ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක කෘතිය ඇසුරිනි සරත් රණවීර සහ රේඛා රණවීර සේයාරූ අන්තර්ජාලයෙන්
0 comments:
Post a Comment