Song Title : Iwuru Thala Ganga Basa Yanawa (ඉවුරු තලා ගංගා බැස යනවා)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද : කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව : පැට්‍රික් දෙනිපිටිය
1975 දී "ෂන්ස්" ලේබලයෙන් නිකුත් වූ "රන්මසු" තැටියට අඩංගු වූ ගීයකි.තැටි අංකය Shans - 1101
ඉවුරු තලා ගංගා බැස යනවා
මහද සලා ඔබ ඉවතට යනවා //
මන්දර පවුවේ හිම පිය සේ
චන්දන අරණේ මද සිසිලේ //
සුව නොලබා ගියේ දෝ කෙසේ
ඉවුරු තලා ගංගා බැස යනවා
මහද සලා ඔබ ඉවතට යනවා
කඩුපුල් නෙළලා පිණි ඉසලා
රන් හුය පටලා අමුණාලා //
සිටියෙමි මා ඔබ එන තුරා
ඉවුරු තලා ගංගා බැස යනවා
මහද තලා ඔබ ඉවතට යනවා //
0 comments:
Post a Comment