ඉරීනා සෙන්ඩ්ලර් (1910-2008) යනු වෝර්සෝ සමාජ සුභසාධන දෙපාර්තමේන්තුවේ පෝලන්ත සේවිකාවක් වූ අතර නාසි සමූල ඝාතන සමයේදී යුදෙව් ළමුන් 2500 කට ආසන්න සංඛ්‍යාවක් වෝර්සෝ ගෙටෝ වෙතින් හොර රහසේ ගෙන ගොස් ඔවුන්ගේ ජීවිත බේරා ගන්නා ලදී.
ජොලාන්ටා යන කේත නාමය භාවිතා කරමින් ඇය මෙම දරුවන්ට ව්‍යාජ හඳුනාගැනීමේ ලියකියවිලි ලබා දී ඔවුන් සඳහා තාවකාලික (යුදෙව් නොවන) අනන්‍යතා ඇති කර කන්‍යාරාම, අනාථ නිවාස සහ ක්‍රිස්තියානි නිවාසවල තැබුවාය.
නමුත් පසුව නාසීන් ඇයව අත්අඩංගුවට ගෙන, ඇයට වධ හිංසා පමුණුවා දරුවන් සිටින ස්ථාන වීමසුවද ඇය දරුවන් සිටින ස්ථානය හෝ ඇයගේ මෙහෙයුමේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ කිසිදු තොරතුරක් ලබා දුන්නේ නැත. පසුව ගෙස්ටාපෝ භටයින් අල්ලස් ලබා ගත් නිසා ඇය දිවි ගලවා ගත්තාය.
දරුවන් තිදෙනෙකුගේ මවක් වන සෙන්ඩ්ලර්ට 2003 දී පෝලන්තයේ ඕඩර් ඔෆ් ද වයිට් ඊගල් සම්මානය හිමි විය.
0 comments:
Post a Comment