Song Title : Hadannepa Hadannepa (හඬන්නෙපා හඬන්නෙපා)
ගායනය : රොඩ්නි වර්ණකුල සහ පිරිස
පද රචනය : ලූෂන් බුලත්සිංහල
තනුව හා සංගීතය : විශාරද ගුණදාස කපුගේ
හඬන්නෙපා හඬන්නෙපා
මගෙ රන් මැණිකෝ
මගෙ කළු මැණිකෝ //
ටිකිරි ටිකිරි කොමඩු කැකිරි
රන් පාටින් බබළන සඳ //
මුහුණ වසා කඳුළු ඉසී මගෙ රන් මැණිකෝ //
හඬන්නෙපා හඬන්නෙපා
මගෙ රන් මැණිකෝ
මගෙ කළු මැණිකෝ //
සෝඩි ටිකිරි දෙතන කැළුම්
රන් ගෝමර ළමැද ගඟේ //
සුසුම් සලා රඟනා සැටි මගෙ කෝමලියේ //
හඬන්නෙපා හඬන්නෙපා
මගෙ රන් මැණිකෝ
මගෙ කළු මැණිකෝ //
නාඬන් මගෙ මුතු කුමාරි
කුමරෙක් අද හෙටම ඒවි //
මංගල්ලේ හරි ගිහාම තෑගි එවාපන් //
ඔහු එනතුරු උඹ තනියෙන් සිංදු කියාපන් //
හඬන්නෙපා හඬන්නෙපා
මගෙ රන් මැණිකෝ
මගෙ කළු මැණිකෝ ////
0 comments:
Post a Comment