මෙය රසවත් ඉතාලි ආහාරයක් වන අතර ශ්‍රී ලාංකික අපට නුහුරු නුපුරුදු රසයක් ගෙන දේ...හරිම ලෙහෙසියෙන් පහසුවෙන් ගෙදර තියෙන කලමනා එකතු කරලා හදලා රස බලන්න පුළුවන් .කුඩා දරුවෝ ගොඩාක් කැමති වෙයි මොකද හැමදාමත් එකම විදියට එකම කෑම කාල එයාලටත් ආස හිතෙයි.එහෙනම් හදමු ඉතාලි රස අපේ ආරෙට..
* අද පෝය වුනාට ලොකු රාජකාරී වැඩක් එක්ක එකතු වෙනවා .ඒකයි උදෙන්ම රෙසපිය ගෙනවාවේ.ඉතිං මේ මං කලින් හදපු රෙසපි එකක්.මොකද මං පෝයට නිර්මාංශයි..
✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- අල ග්‍රෑම් 800
- පිටි කෝප්ප 2 (පාන් පිටි හෝ රුලං පිටි )
- බිත්තර 1
- ඔලිව් ඔයිල් මේස හැදි 1
- සේජ් තේ හැදි 1 (හර්බ්ස්)
- රස අනුව ලුණු
✅ සාදා ගන්නා ආකාරය :
- අල සෝදා පොතු හැර කැබලි වලට කපා හොදින් තම්බා ගන්න .
- තම්බා ගත් අල හොදින් පොඩි කර එයට ගසා ගත් බිත්තර එක්කර හොදින් මිශ්‍ර කර පිටි ටිකෙන් ටික එකතු කරමින් අනා ගන්න.අවසානයේ එය අතේ නොඇලෙන සේ තිබිය යුතුය.(1 පියවර )
- සාදා ගත් මිශ්රණයන් කොටසක් ගෙන පිටි ඉස ගත් ලෑල්ලක් මත තබා හොදින් අනා කෝටුවක හැඩයට සාදා ගන්න.(2 පියවර )
- දැන් එය කෑලි වලට වෙන් කර ගන්න (3 පියවර )
- වතුර භාජනයක් ලිප තබා එයට ලුණු එකතු කර හොදින් උතුරවා එයට කපා ගත් පිටි මිශ්‍රණයේ කැබලි එකතු කර තම්බා ගන්න .(එය හොදින් තැම්බුනු පසු ජලය මත පාවේ)
- තම්බා ගත් කැබලි ඉවතට ගෙන පෙරා ඔලිව් ඔයිල් සහ සේජ් සමඟ තෙම්පරාදු කර ගන්න.
- සෝස් සමඟ පිළිගන්වන්න.
Chef Nadee (නදී අමරසිංහ)
Page එක Like කරලා Share කරන්නත් අමතක කරන්න එපා.
𝑪𝒂𝒌𝒆𝒔 𝒂𝒓𝒆 𝑺𝒑𝒆𝒄𝒊𝒂𝒍 𝑬𝒗𝒆𝒓𝒚 𝑩𝒊𝒓𝒕𝒉𝒅𝒂𝒚 ,𝑬𝒗𝒆𝒓𝒚 𝑪𝒆𝒍𝒆𝒃𝒓𝒂𝒕𝒊𝒐𝒏 𝑬𝒏𝒅𝒔 𝒘𝒊𝒕𝒉 𝒔𝒐𝒎𝒆𝒕𝒉𝒊𝒏𝒈 𝒂 𝑪𝒂𝒌𝒆 & 𝒑𝒆𝒐𝒑𝒍𝒆 𝒓𝒆𝒎𝒆𝒎𝒃𝒆𝒓 𝑰𝒕'𝒔 𝒂𝒍𝒍 𝒂𝒃𝒐𝒖𝒕 𝒕𝒉𝒆 𝒎𝒆𝒎𝒐𝒓𝒊𝒆𝒔!
# 𝙹𝚊𝚛 𝙲𝚊𝚔𝚎𝚜
# 𝙲𝚞𝚙𝚌𝚊𝚔𝚎𝚜
# 𝙱𝚒𝚛𝚝𝚑𝚍𝚊𝚢 𝙲𝚊𝚔𝚎𝚜
# 𝚆𝚎𝚍𝚍𝚒𝚗𝚐 𝚂𝚝𝚛𝚞𝚌𝚝𝚞𝚛𝚎𝚜
𝘊𝘩𝘦𝘧 𝘕𝘢𝘥𝘦𝘦 𝘈𝘮𝘢𝘳𝘢𝘴𝘪𝘯𝘨𝘩𝘦
Chef Nadee - Click Here (DM to Orders,Promotions & Collaborations.)
0 comments:
Post a Comment