අතීතයේ හෙළදිව විසූ භික්ෂූන් වහන්සේලා පිරිසක් මහබෝ (ජයශ්‍රී මහා බෝධිය) වැඳීම සඳහා ගම් නියම් ගම්හි පා ගමනින් වැඩම කරන්නාහ. බොහෝ වෙහෙසකරව ඇවිද ගිය උන්වහන්සේලා මොහොතකින් දුෂ්කර වන මැදක අතරමං වූහ. පාරක් හඳුනා ගත නොහැකියේය.
‘දැන් කුමක් කරමුද?’ භික්ෂූහු කල්පනා කළහ.
එක් භික්ෂු නමක්, ඇත් රැළක් ගිය මගක් දැක ඒ අසල ගලක ගිලී සිටින මනුෂ්‍යයකු දුටුවේය.
මොහුගෙන් අපට පාර අසා ගත හැකියේය.
සංඝ ස්ථවිරයන් වහන්සේ පැමිණ,
අපි මහ බෝ වන්දනාවේ යම්හ. දින සතක් වනයේ අතරමංව සිටිමු. අපට මාර්ගය කිව මැනවැයි කීහ.
එවේලේ,
ස්වාමීනී, ඔබ වහන්සේලා දින හතක් වනයේ අතරමංව මාර්ගය ඉල්ලා සිටිති. මා බුද්ධාන්තර තුනක්ම මෙහි මංමුළා වී සිටිමි.
භික්ෂූහු පුදුම වූහ.
ඔබ කවරෙක්ද, මෙසේ සිටින්නට ඔබ කළ අකුසලය කවරක්දැයි විචාළහ.
ස්වාමීනී මම කුකුසඳ බුදුන්ගේ කාලයෙහි මනුෂ්‍යයකු වී සිට බොහෝ පව්කම් කළෙමි. එදා මරණින් මතු ප්‍රේත ලෝකයට වැටිණි. සිව් යොදුනක් දිග මේ ගල් පර්වතය මුදුනේ ගිලී පොළොවෙන් උඩට ශරීරයේ කොටසක් පෙනෙමින් මෙසේම සිටිමි. එහෙත් මගේ කර්ම ගෙවී යාමක් මට නොපෙනෙන්නේය. ප්‍රේතය, ඔබ බුද්ධාන්තර තුනක් මෙසේ සිටියා යැයි කියන්නේ කෙසේද?
ස්වාමීනී, ඔබ වහන්සේලා නොදන්නේද? බුදුවරු මව් කුසක පිළිසිඳ ගනිද්දීත්, මව් කුසින් බිහි වෙද්දීත්, බුදුවන විටත්, දම්සක් දෙසන විටත්, ආයු සංස්කාරය හරින විටත්, පිරිනිවෙනා විටත් ලොව පුරා විස්මය ජනක දේ සිදුවෙයි. මම ද ඒවා දැක ඇත්තෙමි. බුදු උපතේදී අහසෙහිත්, ගල් මුදුනෙහිත්, පොළොවෙහිත් පියුම් පිපෙත්. පියුම් මැළවී පරවී යන්නේ බුදුවරු පිරිනිවී යන කල්හිය. දැන් බුදුවරු තිදෙනෙක් මා ගලේ සිරවී සිටිද්දී පහළ වී පිරිනිවියේය. ඒ බව මා දැන ගත්තේ මේ ගලේ හටගෙන මැළවී ගිය පියුම් වලිනි බුදුවරු 3 ක් පහළවිත් මට මේ අකුසලය ගෙවා සසරින් ගොඩ ඒමට නොහැකි විය. භික්ෂූහු පුදුම ඉපැදූහ.
ප්‍රේතය මේ සා ගලක ශරීරයේ හරි අඩකට වැඩියෙන් සිරවී කොටසක් ගලෙන් උඩට මතුවී, යාමට ඒමට, කෑමට බීමට නොහැකිව මෙවැනි අකුසලයක් විඳීමට ඔබ කළ පාපය කවරක්ද?
ස්වාමීනී, පෙර කකුසඳ බුදුන්ගේ සමයෙහි සංඝයාට අයිති කුඹුරක් තිබිණි. මාගේ කුඹුරද තිබුණේ ඒ අසලමය. මම කුඹුර ඉමේ වූ ගල් කණුව ගලවා සංඝයාගේ කුඹුරේ සවි කළෙමි. එතැන් පටන් සඟ සතු කුඹුරුහි කොටසක් මගේ කොටගෙන භුක්ති වින්දෙමි. එහි විපාකය මෙයයි. මම ප්‍රේත ලෝකයේ දුක් අනුභව කරමින් ඉක්ම ගිය කාලය වර්ෂ වලින් මෙතැකැයි කිව නොහැකිය. දැන් අවීචියට ගොස් ඉතිරි විපාක වින්ද යුතුය. අතීතයේ මිනිස්සු සඟ සතු දේපළ සොරා කන අය ගල් ප්‍රේතයන්වී උපදිනවා යැයි කීවේ, මෙවැනි අටුවා කතා අනුසාර කොට ගනිමිනි.
මේ ප්‍රේතයාගේ පෙර භවයේ මනස මැරී නැත. හේ පෙර භවය සිහි නඟන්නේය. මනස මේ විශ්ව ධාතුව පුරා පැතිර යන්නේය. එබැවින් කර ගන්නා අකුසල කර්ම කරණකොට කය මියැදෙන අතර මනස තිබුණු තැනින් ගැලවී තවත් තැනක නැවත හටගත්තේය. කර ගන්නා ලද කර්මවලට අනුව කය උපදින ස්ථානය තීරණය වන්නේය. පුනර්භවය ප්‍රකාශ කර ඇතැම්හු දිව්‍ය ලෝක, අපාය පිළිබඳව පවසන තොරතුරු මිත්‍යාවක් ලෙස සැලකිය නොහැක්කේ සිත හැමවිටම මේ ත්‍රි සහශ්‍රී ලෝක ධාතුව පුරාම තමන්ගේ හට ගැනීම සොයමින් ගමන් කරන නියාය.
0 comments:
Post a Comment