Song Title : Geyak Gane (ගෙයක් ගානෙ)
ගායනය : ඒ.එම්. රාජා
පද : කේ. හියුගෝ ප්‍රනාන්දු
සංගීතය : ආර්. සුදර්ශනම්
1956 දී තිරගතවූ දොස්තර චිත්‍රපටියේ ගීයකි.හින්දි හෝ ද්‍රවිඪ ගී තනුවකි.
ආ ඇහැ
ගානෙ වැඩ පල කර ඉඳලා කාටද පලක් වුණේ //
ලෝකේ කවුරුද වගක් වුනේ අන්තිමෙ හිඟන්නො වෙනවානේ //
ගෙයක් ගානෙ වැඩ පල කර ඉඳලා කාටද පලක් වුණේ
රේඩියෝ සිලෝන් එකට රිංගලා නමක් ගන්ට ඕනා //
මාස්ටර් කෙනෙක් වෙන්ට ඕනා
පන්දම නැතුව යන්ට ඕනා
මගේ රූපෙ පත්තරේට දාලා අගේ පෙන්නවන්නම් //
පළවෙනියාට තේරි ගන්නම්
සෑම මාසේම සින්දු දෙන්නම් // හරේවා
ගෙයක් ගානෙ වැඩ පල කර ඉඳලා කාටද පලක් වුනේ
ලෝකේ කවුරුද වගක් වුනේ අන්තිමෙ හිඟන්නො වෙනවානේ
රාග තාල ගැන අසා ගන්ට මා ළඟට ගෝලයෝ එයි //
මට ගුරු පඬුරු ගෙනත්ලා දෙයි
මම සංගීත රාජයා වෙයි
බඩු මුට්ටු තියෙන ලොකු ගෙයක් සමග
තඩි කාර් එකක් ගනිමි //
ගුරු පඩිය උස්ස ගනිමී
මගේ ඒ ගණන් බස්ස නොගමී// හරේවා
ගෙයක් ගානෙ වැඩ පල කර ඉඳලා කාටද පලක් වුනේ
ලෝකේ කවුරුද වගක් වුනේ අන්තිමෙ හිඟන්නො වෙනවානේ
0 comments:
Post a Comment