Denodahak Nuwan Athare Song Lyrics - දෙනෝදාහක් නුවන් අතරේ ගීතයේ පද පෙළ

Denodahak Nuwan Athare Song Lyrics - දෙනෝදාහක් නුවන් අතරේ ගීතයේ පද පෙළ
Song Title : Denodahak Nuwan Athare (දෙනෝදාහක් නුවන් අතරේ)
ගායනය : විශාරද නන්දා මාලිනී
පද රචනය : කුලරත්න ආරියවංශ
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


දෙනෝදාහක් නුවන් අතරේ
කවුරුදෝ මා තනි කළේ
තනි කළේ පාසැල් බිමේ

සිනා කෙළිලොල් තෙපුල් රහසේ
දෙඩූ තැන් අද ගොළු වෙලා
සොඳුරු පාසැල් පියස
කඳුළින් බොඳ වෙලා
කැදැල්ලෙන් ඔබ වෙන් වෙලා

නිබඳ ඔබ මා ඇවිද ගිය තැන්
සෙවණ දුන් ගහ කොළ පුරා
බිමට බර වුණු කැකුළු අතු ඉති මැලවිලා
දුකින් හදවත ගොළු වෙලා

දෙනෝදාහක් නුවන් අතරේ
කවුරුදෝ මා තනි කළේ
තනි කළේ පාසැල් බිමේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment