වසූරිය සහ සාර්ස් වැනි මාරාන්තික රෝග කිහිපයක් ඉතිහාසය අධ්‍යනය කිරීමේදී අපට හමු වේ. කුරුළු උණ ද සැලකිය යුතු තරම් භයානක එකක් විය. නමුත් වාර්තාගත ඉතිහාසයේදී වඩාත් කැපී පෙනෙන සහ දරුණුතම වසංගතය ලෙස හැඳින්වෙන්නේ මහාමාරිය වසංගතයයි.
මහාමාරිය වසංගතය යනු ජෛව සෛලයක් වන බැක්ටීරියාවක් නිසා ඇති වන රෝගයකි. මෙම වසංගතය ආසාදනයෙන් දින හතක් ඇතුළත උණ වැනි රෝග ලක්ෂණ වර්ධනය වේ. ඊට අමතර රෝග ලක්ෂණ ලෙස හිසරදය, උණ, ඉදිමුණු වසා ගැටිති ඇති වීම දැකිය හැකිය. මෙම ඉදිමුම් ඉන් පසු කැඩී යන අතර ඉන් ඉමහත් වේදනාවක් ඇති වූ බව කියැවේ.
මෙම වසංගතය ඉතා මාරාන්තික එකක් විය. ප්‍රතිකාර නොමැතිව සිටින ආසාදිත පුද්ගලයින්ගෙන් ජීවිත බේරා ගැනීමට අවස්ථාව තිබුණේ 40% කටත් වඩා අඩු පිරිසකටය. මින් බොහෝ මරණ සිදු වූයේ රෝග ලක්ෂණ මතු වී දින තුනත් පහත් අතර කාලයේදීය.
ක්‍රි.ව.541 සහ ක්‍රි.ව.549 අතර කාලයේ මෙම වසංගතය පළමුව ඇති වූ බව කියැවේ. එය ප්‍රධාන වශයෙන් සතුන් මාර්ගයෙන් ව්‍යාප්ත වන රෝගයක් වූ අතර එකල මෙය හැඳින්වූයේ ජස්ටීනියානු වසංගතය (ජස්ටීනියානු අධිරාජ්‍යයාගේ නමින් නම් කරන ලදී) ලෙසය.
මෙම වසංගතය සැසානියානු අධිරාජ්‍යයෙන් ආරම්භ විය. වසරකට පසුව මෙම රෝගය කොන්ස්ටන්ටිනෝපල් වෙත ළඟා වූ අතර එහිදී එය වරායෙන් වරායට ගොස් මුළු මධ්‍යධරණි ප්‍රදේශයටම ආසාදනය විය. නමුත් ක්‍රි.ව.549 දී පමණ මෙම වසංගතයේ පැතිරීම සහ මරණ සිදු වීම එකවර අවසන් විය. මෙම කාලයේදී මෙම වසංගතයෙන් මිනිසුන් මිලියන 25ක් 30ක් අතර ප්‍රමාණයක් මරණයට පත් වන්නට ඇතැයි විශ්වාස කෙරේ.
ඉන්පසුව 1346දී පමණ යළි මෙම වසංගතයේ දෙවන ප්‍රහාරය ආරම්භ විය. එය මේ වතාවේ මුළු යුරෝපයටම පහර දුන් අතර යුරෝපීය ජනගහනයෙන් තුනෙන් එකක් පමණ මරා දැමීමට එය මෙවර සමත් විය. මෙම වසංගතයත් සමග දැවැන්ත ආසාදන හා මරණ අනුපාතයක් යුරෝපයේ සිදු කළ අතර එයත් සමගම විවිධ ප්‍රචණ්ඩ ක්‍රියාද වර්ධනය විය. විදීන් වල මිනිසුන් බොහෝ ලෙස මරා දැමුණු අතර මංකොල්ලකෑම්ද බහුල විය.
මෙම වසංගතය මධ්‍යම ආසියාවේ ආරම්භ වී පසුව යුරෝපය පුරා ව්‍යාප්ත වී ඇතැයි විශ්වාස කෙරේ. මොන්ගෝලියාවද එම කාලය තුළ බොහෝ මරණ පෙන්නුම් කරමින් සිටියේය. මොන්ගෝලියානුවන් වෙළඳ මාර්ග වසා දැමූ විට වසංගතය පැතිරීම බොහෝ දුරට නතර විය. එහෙත් වෙළඳ නැව්වල සිටි මීයන් මගින්ද රෝගය යුරෝපීය භූමියට ළඟා විය.
ඉන් අනතුරුව තෙවන සහ අවසාන වතාවට මෙම වසංගතය ඉතා විශාලව හිස එසවනු ලැබුවේ 19 වන සියවසේ මැද භාගයේදීය. මෙවර එය ආසියාවේ නැගෙනහිරින් ආරම්භ විය. 1894 ආරම්භයේදී මෙම රෝගය පැතිරීම ආරම්භ වූ අතර එම වසරේ ජුනි මාසයේදී පමණක් 80.000 ක් පමණ මිය ගොස් තිබුණි. මෙම වසංගතය චීනයේ සහ ඉන්දියාවේ පමණක් මිලියන 12 කට වඩා ජීවිත බිලිගත් අතර ජනාවාස වූ සියලුම මහාද්වීප පුරා ව්‍යාප්ත විය. මෙම තුන්වන වසංගතය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 1959 දී නිල වශයෙන් අවසන් වූ බව ප්‍රකාශ කරන ලදී.
මෙම වසංගතය තවමත් අප අතර පවතින අතර එහෙත් වාසනාවකට මෙන්, වසංගතය නවීන ඖෂධ ශිල්පීය ක්‍රම මගින් සුව කළ හැකිය.
0 comments:
Post a Comment