✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- සැන්ව්ච් පාන් පෙති 3,4
- අල ගෙඩි 2 (තම්බා ගත්)
- බටර් මේස හැදි 2
- නැවුම් කිරි මේස හැදි 1
- සොසෙජස් 4,5 (නොගැඹුරු තෙලේ බැද ගත්)
- රතු බෙල් පෙපර් ගෙඩි 1
- රස අනුව ලුණු
✅ සාදා ගන්නා ආකාරය :
- පාන් පෙති වාටි ඉවත් කර කටරයක් ආධාරයෙන් මලක හැඩයට කොටස් කපා වෙන් කර ගන්න .
- තම්බා ගත් අල පොතු ඉවත් කර මෑෂරයක් භාවිතා කර කැබලි නොසිටින සේ පොඩි කර එයට බටර් ,කිරි හා ලුණු ස්වල්පයක් ද එක් කර ක්‍රීම් වනතෙක් මිශ්‍ර කරන්න .
- සොසෙජස් දෙකට වෙන් කර ගන්න .
- බෙල් පෙපර් ගෙඩියෙන් ඉටිපන්දන් දැල්ලක ආකාරයකට ගිනි දැල් කපාගන්න .
- පයිපින් බෑගයකට නොසලයක් සවිකර අල ක්‍රීම් දමා ගන්න .
- දැන් ඉටිපන්දන් සෑදීම සදහා මලක් හැඩයට කපාගත් පාන් කැබැල්ල මැදට පයිපින් බෑගයෙන් අල ක්‍රීම් ස්වල්පයක් මිරිකා ගන්න .දැන් ඒ මැදින් සොසෙජස් කැබැල්ලක් තබා ,සොසෙජස් කැබැල්ල ඉහළ කොටසට ද ඉටි කිරි ලෙස පෙනෙන ආකාරයකට අල ක්‍රීම් ස්වල්පයක් මිරිකා ඒ මත බෙල් පෙපර් වලින් කපා ගත් ඉටිපන්දන් දැල්ල සවි කර ගන්න .
- ඉතිරි සියල්ල ද මේ ආකාරයකට සකසා නත්තල් මේසයට යවන්න .
සතුටින් රස බලන්න .Chef Nadee (නදී අමරසිංහ)
Page එක Like කරලා Share කරන්නත් අමතක කරන්න එපා.
𝑪𝒂𝒌𝒆𝒔 𝒂𝒓𝒆 𝑺𝒑𝒆𝒄𝒊𝒂𝒍 𝑬𝒗𝒆𝒓𝒚 𝑩𝒊𝒓𝒕𝒉𝒅𝒂𝒚 ,𝑬𝒗𝒆𝒓𝒚 𝑪𝒆𝒍𝒆𝒃𝒓𝒂𝒕𝒊𝒐𝒏 𝑬𝒏𝒅𝒔 𝒘𝒊𝒕𝒉 𝒔𝒐𝒎𝒆𝒕𝒉𝒊𝒏𝒈 𝒂 𝑪𝒂𝒌𝒆 & 𝒑𝒆𝒐𝒑𝒍𝒆 𝒓𝒆𝒎𝒆𝒎𝒃𝒆𝒓 𝑰𝒕'𝒔 𝒂𝒍𝒍 𝒂𝒃𝒐𝒖𝒕 𝒕𝒉𝒆 𝒎𝒆𝒎𝒐𝒓𝒊𝒆𝒔!
# 𝙹𝚊𝚛 𝙲𝚊𝚔𝚎𝚜
# 𝙲𝚞𝚙𝚌𝚊𝚔𝚎𝚜
# 𝙱𝚒𝚛𝚝𝚑𝚍𝚊𝚢 𝙲𝚊𝚔𝚎𝚜
# 𝚆𝚎𝚍𝚍𝚒𝚗𝚐 𝚂𝚝𝚛𝚞𝚌𝚝𝚞𝚛𝚎𝚜
𝘊𝘩𝘦𝘧 𝘕𝘢𝘥𝘦𝘦 𝘈𝘮𝘢𝘳𝘢𝘴𝘪𝘯𝘨𝘩𝘦
Chef Nadee - Click Here (DM to Orders,Promotions & Collaborations.)
0 comments:
Post a Comment