එංගලන්තයේ නොදම්බලන්ඞ් හි උතුරු පළාතේ චිලිංග්හැම් ගම්මානයේ පිහිටි චිලිංග්හැම් බළකොටු මාලිගය මධ්යතන යුගයේ ඉදිවුණු අති විශාල බළකොටුවකි. මෙය පළමුව ඉදිකොට ඇත්තේ පූජක ආශ්රමයක් බවට පත් කිරීමේ අරමුණිනි. එහෙත් පසු කලෙක මෙය විවිධ වංශවතුන් විසින් මිලදී ගෙන වෙනස්කම්වලට බ`දුන් කොට ඇත.
ස්කොට්ලන්තයත් එංගලන්තයත් අතර සීමාවේ පිහිටි මේ බළකොටු මාලිගය ස්කොට්ලන්තය සමග යුද්ධයට යන ඉංග්රීසි පාලකයින්ගේ නවාතැනක් බවට වරින් වර පත් විය. ඉන්පසු මෙය ස්ථීරවම ස්කොට්ලන්තයත් එංගලන්තයත් අතර ආරක්ෂක බළකොටුවක් බවට පත් විය.
යුද්ධයට යන ඉංග්රීසි හමුදාවන් ක`දවුරු ලා ගත්තේත්, අත්අඩංගුවට ගන්නා ස්කොට් ජාතික දේශපාලන සිරකරුවන් යුද සිරකරුවන් ර`දවා තැබුණේත් මේ චිලිංග්හැම් බළකොටු මාලිගාව තුළය. ඒ කාලයේ පටන්ම මෙකී බළකොටුව බිහිසුණුතම මිනිස් හිංසනයන්ට තෝතැන්නක් විය.
චිලිංග්හැම් මාලිගය ආරක්ෂක බළකොටුවක් බවට පත් වූ පසුව මෙම ගොඩනැගිල්ලට අලූත් අංගයන් කීපයක් එක් කරනු ලැබ ඇත. මෙලෙස එක් කරනු ලැබූ අංග අතරින් වැදගත්ම අංගයන් වනුයේ බිම් මහලට යටින් උමගක් ලෙස හාරා තැනූ කළුවර සිරකුටිය හෙවත් යටිමහලක් හා වධකාගාරයයි. යුද්ධයේදී ඉංග්රීසි හමුදාවන්ගේ අත්අඩංගුවට ගෙන රැගෙන එන ස්කොට් ජාතික සිරකරුවන්ව බොහෝ විට දැමුණේ මේ යටිමහලේ කළුවර සිරගෙදරටය.
චිලිංග්හැම් බළකොටු මාලිගයේ බිම් මහලේ එක් තැනක උගුල් දොරටුවක් ඇත. සිරකරුවන්ව ගෙනවිත් වධකාගාරයේදී අතපය කඩා මේ උගුල් දොරටුව වෙත ගෙනවුත් උගුල් දොරටුවෙන් පහළට තල්ලූ කරයි. උගුල් දොරටුවෙන් පහළට වැටෙන සිරකරුවා වැටෙන්නේ එයින් අඩි විස්සක් ගැඹුරින් පොළොව යට ඇති කළුවර බිම් සිරගෙයටය. මේ කළුවර බිංගෙය තුළ සිරකරුවන් වි`දි දුක් පීඩා සැබෑ කතාවකට වඩා සමාන වෙන්නේ බියකරු ප්‍රබන්ධයකටය.
මේ බිම්ගෙයට දමන සිරකරුවන්ව බොහෝ විට තැබෙන්නේ නිරාහාරවය. නිරාහාරව තැබෙන සිරකරුවන් කුසගින්න දරාගැනීමට නොහැකිව මියගිය සිරකරුවන්ගේ සිරුරු පවා ආහාරයට ගත් බව කියවෙයි. කුසගින්නෙන් පිපාසයෙන් වියරු වැටුණු ඇතැම් සිරකරුවන් තමන්ගේම ශරීරයේ මස් කඩා ගෙන කෑ බවද අසන්නට ලැබෙයි. මේ සිරකරුවන්ගේ බිහිසුණු අත්දැකීම් ලෝකයට අනාවරණය වූයේ සිරකරුවන් විසින්ම මේ සිරකුටියේ බිත්තිවල කුරුටු ගා තිබුණු කෙටි දිනසටහන් මගිනි. ඒ සටහන් අදටත් මේ බිම්ගෙයි බිත්ති තුළ දකින්නට ඇති බව කියැවෙයි.
එසේම අදටත් බලා ගන්නට දරුණු මිනිස් හිංසනයක සාධක ඉතිරි වී ඇති මාලිගයේ අනෙක් කොටස වනුයේ එහි වධකාගාරයයි. මේ වධකාගාරයේ පොළොව තනා ඇත්තේ එක් පසෙකට බෑවුම් වන පරිදිය. පොළොව එසේ තනා ඇත්තේ මෙහිදී වධහිංසාවලට ලක්වෙන සිරකරුවන්ගේ රුධිරය පහසුවෙන් කානුවලට බැස යා හැකි වන පරිදිය. මේ වධකාගාරය භාරව කටයුතු කොට ඇත්තේ ජෝන් සේජ් නම් වූ නිලධාරියෙකි. ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යක්ෂයෙකි. අත්අඩංගුවට ගත් ස්කොට් ජාතික යුද සිරකරුවන් දහසකට වැඩි පිරිසක් ජෝන් සේජ්ගේ අතින් වධ වි“ද මේ වධකාගාරය තුළදී මියගොස් ඇති බවට වාර්තා ඇත.
ජෝන් සේජ් එඞ්වර්ඞ් රජුගේ යුද හමුදාවේ සේවය කළ අතිදක්ෂ නිලධාරියෙකි. ඔහු ස්කොට් ජාතිකයින්ව දැඩිව පිළිකුල් කළ බවත් ස්කොට් ජාතිකයින්ට වෛර කළ බවත් කියැවෙයි. යුද්ධයේදී තුවාල ලැබ ආබාධිත වූ ජෝන් සේජ්ව හමුදාවෙන් විශ්රාම යවා චිලිංග්හැම් මාලිගයේ වධකාගාරයේ ස්ථීර වධකයා වශයෙන් පත් කොට එවා ඇත. ජෝන් සේජ් තම වධක රැුකියාවට ඇලූම් කළා යැයි කිවහොත් එය ඔහු ගැන කරන අවතක්සේරුවකි. ඔහු මුළුමනින්ම වධක රැුකියාවට ඇප කැප වී උන්නේය. ඔහු විසින්ම සැලසුම් ඇඳ නිර්මාණය කරගත් වධක උපකරණ රැුසක්ද යොදා ගනිමින් ඔහු සිරකරුවන්ට වධ දුන්නේය. ඔහු විසින් තැනූ වධක ආම්පන්නවලින් කිහිපයක් අදටත් චිලිංග්හැම් මාලිගයේ වධකාගාර කුටියේ තැන්පත් කොට තබා ඇත.
තනි මිනිසෙක් දමා එල්ලා තැබිය හැකි යකඩ කූඩු මේ වධක උපකරණ අතර ඇති එක් විශේෂ උපකරණයකි. සිරකරුවෙකු මේ කූඩුවකට දමා කළුවර බිම්ගෙයක් තුළ එල්ලා නිරාහාරව තබන්නේ මීයන්ට කන්නට නිරාවරණය කරමිනි. සිරකරුවා අවශ්ය තොරතුරු අනාවරණය කරන තුරුම, පාපෝච්චාරණය කරන තුරුම එසේත් නැතිනම් මේ කූඩුව තුළම නිරාහාරව මියයන තෙක්ම ඔහුව මෙහි දමා එල්ලා තබයි. සිරකරුවන්ව ඉන්දවා අත පය බැ`ද දමා තැබිය හැකි ඇණ පුටු ද මෙහි ඇත. තියුණු තුඩ සහිත යකඩ උල්වලින් ඇතුළත පෘෂ්ඨය තැනුණු පීප්ප වර්ගයක්ද ඇත. මේ පීප්පවලට සිරකරුවන් දමා වසා පීප්පය බිම පෙරළා ඇති බව සටහන්ව ඇත. ජෝන් සේජ් විසින් නිර්මාණය කරන ලද මෙවැනි බිහිසුණු වධක උපකරණ රැුසක් අදටද චිලිංග්හැම් මාලිගයේ වධකාගාරය තුළ සුරක්ෂිතව ඇත.
සිරගෙය තුළ උන් කුඩා දරුවන් සියල්ල මාලිගයේ ”එඞ්වර්ඞ් කාමරය” තුළට ගෙන ගොස් ඔවුන්ට ඒ කාමරයේ ජනේල තුළින් මාලිගා අංගණය දෙස බලා සිටින්නට අණ කර ඉන් පසුව ඒ දරුවන්ගේ දෙමාපියන් දෑත් බැ`ද මාලිගා අංගණයට ගෙනවුත් ඇත. මෙසේ මාලිගා අංගණයට ගෙනා සිරකරුවන් කණ්ඩායම සේජ් විසින් පණ පිටින්ම පුලූස්සා දමනු ලැබුවේ මාලිගාවේ එඞ්වර්ඞ් කාමරයේ කවුළු තුළින් සිරකරුවන්ගේ දරුවන් ඒ දෙස බලා සිටියදීමය. ඒ සිරකරුවන්ව පුලූස්සා මරා දැමීමෙන් පසුව එඞ්වර්ඞ් කාමරයට ගිය සේජ් එහි උන් දරුවන්ව පොරවකින් කොටමින් එකින් එකා මරා දමා ඇත. ඒ පොරව පවා අදත් චිලිංග්හැම් මාලිගයේ ප්රදර්ශනයට තබා ඇත.
පසු කාලීනව මෙම මාලිගය වෙනත් හිමිකරුවන් අතට ගොස් වරින් වර අලූත්වැඩියා කිරීම්වලට ලක් විණ. එසේ අලූත්වැඩියා කරන අවස්ථාවන්හිදී මාලිගයේ තැන් තැන්වල නොගිනිය හැකි තරම් සංඛ්යාවක් දිරා ගිය මළ සිරුරු හා ඇටසැකිලිද තිබී හමු වී ඇත.
මේ තරම් මිනිස් ජීවිත රැුසක් අකාලයේ අමානුෂික ලෙස අහිමි කළ තැනක අවතාර හා භූත බලවේග ගැවසීම අරුමයක්ද නොවේ. එසේම හොල්මන් අවතාර ගැන පර්යේෂණ කරන්නට හා අත්දැකීම් ලබන්නට එන සංචාරකයන්ගේ බලාපොරොත්තු චිලිංග්හැම් මාලිගයේදී නම් කිසිසේත් කඩවෙන්නේ නැත. චිලිංග්හැම් මාලිගයට එන සංචාරකයින් සියල්ලන්ම වාගේ එහිදී කුමක් හෝ අද්භූත අත්දැකීමකට මුහුණ දී ඇති බව කියයි.
සිරගත කොට උන් කුඩා දරුවන් මරා දැමූ එඞ්වර්ඞ් කාමරයට යන සියල්ලෝම සිතාගත නොහැකි අන්දමේ ශෝකී හැ`ගීමකින් තමාව වෙළාගනු දැනෙන බව කියති. එසේම මෙහි ඇතුළු වූ බොහෝ අය කියන්නේ තමන්ට අමු මිනිස් ලේ ග`ද දැනුණු බවයි. එඞ්වර්ඞ් කාමරයට එන සංචාරකයින් සියල්ලන්ම එයින් පිටවන්නේ ශෝකයෙන් හා නොසන්සුන් සිතිනි.
චිලිංග්හැම් මාලිගයට එන ඇතැම් සංචාරකයින් පවසන්නේ අන්ධකාර හිරගෙය තුළදී කිසිවෙකු විසින් තමන්ව පහුරුගාන, සපා කන හෝ හිසකෙස්වලින් අදින අන්දමේ හිරිහැර කරන බව දැනුණු බවය. චිලිංග්හැම් මාලිගය පිළිබ`දව මේ වන විට පොත්පත්, වාර්තා වැඩසටහන් මෙන්ම ඒ ආශ්රිත වෘත්තාන්තවලින් චිත්රපට පවා නිපදවී ඇත.
චිලිංග්හැම් මාලිගය වරෙක මේ පොළොව මත තිබුණු සජීවී අපායකි. ඒ අපායේ දුක් වි`ද මිය ගිය අය තමන් ගැන වර්තමානයේ සිටින අයට කියන්නට තවමත් මේ කළුගල් බිත්ති අතර
සැරිසරයි.
රිවිර ඇසුරෙන්
0 comments:
Post a Comment