Song Title : Adin Pasuwa Na (අදින් පසුව නෑ)
ගායනය : පුන්සිරි සොයිසා
අදින් පසුව නෑ අප හමුවන්නේ
මේ අවසන් දිනයයි
සසර පුරා අප අත්වැල් බැඳ ආ
ගමන මෙයින් නිමවෙයි //
වරද මගේදැයි - වරද ඔබේදැයි
නොඅසමි ඔබගෙන් මතු දවසේ //
එකම මඟක යන දෙදෙනෙකු වෙමු අපි
නන්නාඳුණනා අය විලසේ
අදින් පසුව නෑ අප හමුවන්නේ
මේ අවසන් දිනයයි
සසර පුරා අප අත්වැල් බැඳ ආ
ගමන මෙයින් නිමවෙයි
කියන්න කිසිවක් ඉතිරිව නෑ මට
සියල්ල නිමවන මේ මොහොතේ //
පිසින්න අවසර දෙන්න ලඳේ මට
අවසන් කඳුලක් ඔය දෙනෙතේ
අදින් පසුව නෑ අප හමුවන්නේ
මේ අවසන් දිනයයි
සසර පුරා අප අත්වැල් බැඳ ආ
ගමන මෙයින් නිමවෙයි
0 comments:
Post a Comment