එක්වරම සෝමපාල එතනින් පැන දිව යාමට උත්සාහ කලත් එවිට තමා ප්‍රමාද වැඩි බව ඔහුට වැටහුණි.තමාට සෙලවීමටවත් නොහැකි බව ඔහුට වැටහුණි.
ගල් පිලිමයක් මෙන් සෙලවීමටවත් නොහැකිව හුන් ඔහු කෑගැසිමට උත්සාහ කලත් එය ද කල නොහැකි බව තේරුණු විට තමා යම් අදිසි බලවේගයකට නතු වී සිටින බව ඔහුට හැගුණි.අසරණ වූ සෝමපාල බිය මුසු දෙනෙතින් අද්භූත යුවතිය දෙස බලා සිටින ව්ට පෙර මෙන්ම ඇය කොහේදී හෝ දැක ඇති බවක් ඔහුට හැගුණි......
එක්වරම........
සිදුවූයේ කුමක්දැයි සිතා ගැනීමටත් ප්‍රථම තම අත් තදින් සෝමපාලගේ ගෙලෙන් අල්වා ගත් ඇය වියරු හඬින් සිනාසෙන්නට විය...එම අද්භූත යුවතියගේ දෑත් වල වූයේ අධික ශීතල බවකි.දරාගත නොහැකි තරම් එම ශීතල පණ පිටින් සිටිනා කෙනෙක්ට නම් තිබිය නොහැකි බව ඔහුට වැටහුණි.එකෙණෙහිම තම ගෙල මදින් මද සිරවෙන බව සෝමපාලට දැනුනත් කොතරම් ගැලවීමට උත්සාහ දැරුව ද ඔහුට එය කල නොහැකි විණි.
එක්වරම...........
" උබට මාව මතක ද ? උබලා එකතුවෙලා මාව විනාස කලා.මාව මරලා දැම්මා...මතකද ?මතකද කියපන් යකෝ......... "
එක්වරම එසේ පැවසූ අද්භූත යුවතිය සෝමපාලගෙ ගෙල තව තවත් සිර කරමින් වියරු හඬින් සිනාසුණාය.
ඇය දෙස බලා සිටි සෝමපාලගෙ මතකය අලුත් විය.ඔහුගේ මතකය වසර 21 ක් ඈත අතීතයට දිව යන්නට විය.එකල ඔහු 21 හැවිරිදි දුප්පත් පවුලක තරුණයෙකි.පාසල් කාලයේ පටන් ඉගෙනීමට උනන්දුවක් නොදැක්වූ ඔහු ගමේ සෙල්ලක්කාරම තරුණයෙක් ලෙස ප්‍රසිද්ධව සිටියේය.ගමේ බොහෝ තරුණියන් ඔහුගෙ පෙම්වතියන් වූ බව කාටත් නොරහසකි.නමුදු එහි පැවතියේ සත්තකින්ම ආදරයක් නොවන බව කවුරුත් දැන සිටියෝය.ඔහු තුල පැවතියේ හුදෙක් තරුණියන් කෙරෙහි යම් අස්වාභාවික ආශාවක් මිස අන් කිසිවක් නොවේ.ධනවත් සොලමන් වලව්වේ සොලමන් ලොකු හාමුගෙ එකම දියනිය අමන්දා පිළිබඳව ද ආශාවක් ඔහුගෙ සිතේ තිබුණි.එකල 18 හැවිරිදි අමන්දා දුටුවන් මන බදිනා රූ සපුවකින් හෙබි තරුණියකි.දණහිස දක්වා විහිදුණු කේශ කලාපය, සුදු පැහැ මුහුන, පිරුණු පයෝදර වලින් හෙබි ඇය දෙව්ලියක් බඳු විය.මුළු අභූතගමෙහි ඇය තරම් සුන්දරියක් නොවූ බව නොරහසකි.කොතරම් ධනවත් වුවත් උඩගු තරුණියක් නොවූ ඇය බෙහෙවින් කාරුණික යුවතියකි.අමන්දා කෙරෙහි සෝමපාල තුල පැවතියේ කාමුක ආශාවක් මිස ආදරයක් නොවේ.නමුත් සොලමන් ලොකු හාමු කෙරෙහි පැවති බය පක්ශපාතීත්වය නිසා අමන්දාට කිසිවක් නොකරන්නට ඔහු ප්‍රවේශම් විය.කාලය මෙසේ ගෙවී යන්නට විණි.
එවිට වේලාව සවස 6 පමණ වුවත් අවට පැවතියේ මද අදුරකි.හොදටම බීමතින් සිටි සෝමපාල තම මිතුරු ගුණපාලත් සමඟ සොලමන් වලව්ව පහතින් ඇති කුඩා ඇළ අසලින් ගමන් කරමින් සිටියහ.සෝමපාලටම සරිලන සෙල්ලක්කාරයෙක් වූ ගුණපාල ද සිටියේ හොදටම බීමතිනි.සොලමන් වලව්වට අයත් මේ කුඩා ඇළ ගම් වාසීන්ට තහනම් නොවූවද ගැමියන් එහි නොපැමිණියේ ඊට වඩා විශාල ඇළක් ගමෙහි තිබූ බැවිණි.එබැවින් මේ අසල ප්‍රදේශයේ පැවතියේ පාළු ස්වභාවයකි.ඇළට වම් පසින් තිබුනේ ඝණ අන්ධකාරය අරක් ගත් සුවිසල් වනාන්තරයයි.සෝමපාලත්, ගුණපාලත් කතා කරමින් යන විට දුටු දෙයින් ඔවුන් දෙදෙනාගේම කකුල් එක තැන නතර වුණි.සාමාන්‍යයෙන් දකින්නට නොහැකි වුවත් ඔවුන් දුටුවේ ඈතින් දිය නාමින් සිටි අමන්දාවයි.දිය රෙද්දක් පමණක් හැඳ සිටි ඇය අන් කවරදාකටත් වඩා සුන්දරව සිටියාය.වතුරින් පෙගී ඇඟට ඇලී තිබූ දිය රෙද්ද නිසා ඇගේ පයෝදර කැපී පෙනුණි.ඔවුන් දෙදෙනා ඇයව දුටුවද අමන්දා ඔවුන්ව නොදුටුවේ ඇය සිටියේ ජල ක්‍රීඩා කරමින් බැවිණි.ඇය සිටියේ ඉතාමත් සතුටින් බව ඇයව දක්නා ඕන කෙනෙකුට පැහදිලි වනු නොඅනුමානය.අමන්දා දුටු සෝමපාල හා ගුණපාලගේ කුරිරු හැගීම් අවදි වූයේ නිතැනිණි.හොදටම බීමතින් සිටි ඔවුන් දෙදෙනා හරි වැරැද්ද තේරුම් ගත හැකි තත්වයක නොසිට යහ.ඇයට නොපෙනෙන ලෙස ඇයගේ වම් පසින් එනම් කැලෑව පිහිටි පැත්තෙන් ඇය දෙසට ගමන් කල ඔවුන් එක්වරම...අමන්දාගේ ඇඟට පැන ඇයගෙ කට වැසුවේ ඇයට සිදුවූයේ කුමක්දැයි සිතා ගැනීමටවත් කලිනි.සිහි එලබි ඇය පැන යාමට තැත් කලත් ඔවුන් දෙදෙනාගේ ශක්තිමත් අත් වලට සිරවී කීසි දෙයක් කල නොහැකි තැන වෙහෙස වී බිම ඇඳ වැටුනි.අමන්දාව අසල තිබූ කැලයට ඇදන් ගිය සෝමපාලත් ගුණපාලත් අසරණව සිටි ඇයගෙන් තම කාමාශාවන් සපුරා ගත්තේ ඇය කෑ ගසමින් සිටියදීම ය.කොතරම් කෑ ගැසුවද ඇයට පිහිට වීමට කිසිවෙක් ඒ අසලකවත් නොවීය....පැය දෙකක් පමණ තම ආශාවන් සපුරා ගත් ඔවුන් ඇයව අතහැරියේ ඇය සිහිසුන් වූ පසුවය.අමන්දා එහි දමා ඒමට ඔවුන් සැරසුනද ඇයට සිහි ආ විගස සිදු වූ සියලු දේ පවසාවි යැයි එක්වරම සෝමපාලට මතක් විණි.එම නිසා ඇයව මරා දැමිය යුතු බව තේරුම් ගත් සෝමපාල, ගුණපාල එහි තබා විගසින් නිවසට ගොස් උදැල්ලක් හා සවලක් රැගෙන රැගෙන පැමිණියේය.ඔවුන් දෙදෙනා කැලයේ ඇතුලට වන්නට වලක් කපා අමන්දා එහි දමාලූහ.එවිට අවට පැවතියේ දැඩි අඳුරක් වුවත් සඳ එලිය නිසා යම් තරමක එලියක් තිබුණි.අමන්දාව වලට දමා පස් පුරවන විටම ඇයට සිහිය ආවාය.එකෙණෙහිම ධාරනිපාත වර්ශාවක් ඇද හැලෙන්නට විය.අමන්දා ඇයව බේරා හරින ලෙස කොතරම් කෑ ගැසුවත් ඔවුන් එය නොඇසූ කන් ඇතිව වලෙහි පස් පුරවන්නට විණි.ඇය කොතරම් කෑ ගැසුවද ධාරනිපාත වර්ශාවේ හඬට ඇයගේ අසරණ දුබල හඬ යටපත් විණි.අමන්දා මියගියේ පස් වලට යටවී හුස්ම හිරවීමෙනි....ඇයගේ අවසන් වචන තවමත් සෝමපාලගේ හිතේ රැව් පිළිරැව් දුණි.
" මන් උබලගෙන් පළිගන්නවා.....කවදහරි පළිගන්නවා......මන් ආයි එනවා...........මට මේ කරපු දේට උබලට යහතින් ඉන්න ඉඩ තියන් නෑ.................. "
නැවතත් වසර 21 කට පසු..............
එසේනම් ඇයගෙ වචන සත්‍යයක් කරමින් අමන්දා නැවත පැමිණ ඇත.සෝමපාල අද්භූත යුවතිය දෙස බලා සිටියේ බිය මුසු දෙනෙතිණි.
" අමන්දා......මේ ඔයා නේද ?? "
" හ හ හා..... උබට මතකද මාව.මන් කිවුවනෙ මන් ආයි එනවා කියලා...මන් ආවා...උබෙන් පළිගන්න ආවා...මන් එදා මාව අතාරින්න කියලා උබලට කොච්චර කිවුවද.........උබලා එකෙක්වත් ඇහුවේ නෑ....දැන් ඒකට විදවන්න ලෑස්ති වෙයන්......හ හ හා........... "
" අනේ අමන්දා එපා..එපා........මට සමාවෙන්න......අනේ......මාව මරන්න එපා........සමාවෙන්න............... "
" සමාව දෙන්න....හ හ හා....එදා මන් කොච්චර එපා කිව්වද ??මාව අතාරින්න කිව්වද ??.....උබලා ඇහුවද ??මන් මොකටද සමාව දෙන්නේ......දැන් මැරෙන්න ලෑස්ති වෙයන්....හ හ හා........................... "
" අනේ එපා...එපා.............. "
" හ හ හා............. "
වියරු හඬින් සිනාසෙමින් සෝමපාලගේ ගෙල සිරකර මරා දැමූ අමන්දාගේ ආත්මය වා තලයට මුසු විය......
0 comments:
Post a Comment