The Kudaya Pite Bendan Song Lyrics - තේ කූඩය පිටේ බැඳන් ගීතයේ පද පෙළ

The Kudaya Pite Bendan Song Lyrics - තේ කූඩය පිටේ බැඳන් ගීතයේ පද පෙළ

The Kudaya Pite Bendan Song Lyrics - තේ කූඩය පිටේ බැඳන් ගීතයේ පද පෙළ
Song Title : The Kudaya Pite Bendan (තේ කූඩය පිටේ බැඳන්)
ගායනය : ෆ්‍රෙඩී සිල්වා, කලාවතී
සංගීතය : වික්ටර් රත්නායක
ගී පද : හේමසිරි හල්පිට


තේ කූඩය පිටේ බැඳන් නුඹ එනවා කන්ද උඩින්
මම දැක්කෙ හුඟ කලකට පස්සෙ ලෙච්චමී
මගෙ ලෙංගතුකමට ඉතිං කාගෙත් ඇස් වහල හොරෙන්
තනිපංගලමේ ඉන්න වරෙන් ලෙච්චමී

දැක්කම ඔය වගෙ කියාවි මටම කරච්චල් කොරාවි
මාත්තියා මොකද්ද මට විහිළු කරන්නේ
ලැයිමෙ ඈයො පද හදාවි පූච්චානම් මට කියාවි
ආඬවනේ ඕවට මම කැමතිම නෑනේ

සිදාදියේ රේල් පොළට නුඹ එක්කරගෙන යන්නම්
අත පිරෙන්න හිත පිරෙන්න මණි බඩු අරගෙන දෙන්නම්

මාත්තියා එක්ක අපෝ මට බැරියෝ ඒකටනං
වත්තෙ ඉඳිල්ලත් නැතිවෙයි මට මොකටද ඔය කෝලම්

තේ කූඩය පිටේ බැඳන් නුඹ එනවා කන්ද උඩින්
මම දැක්කෙ හුඟ කලකට පස්සෙ ලෙච්චමී
මගෙ ලෙංගතුකමට ඉතිං කාගෙත් ඇස් වහල හොරෙන්
තනිපංගලමේ ඉන්න වරෙන් ලෙච්චමී

වත්තෙ මහත්තයා වෙලත් විඳගෙන මේ නව නින්දා
‍මම මේ හැටි වද විඳින්නෙ නුඹ හට ආදරෙ හින්දා

අපෙ අප්පගෙ ආඩපාල අහන්න මට බැරි හින්දා
මාත්තියා දන්නෙ නැද්ද ගිය සුමානෙ මම බැන්දා

තේ කූඩය පිටේ බැඳන් නුඹ එනවා කන්ද උඩින්
මම දැක්කෙ හුඟ කලකට පස්සෙ ලෙච්චමී
මගෙ ලෙංගතුකමට ඉතිං කාගෙත් ඇස් වහල හොරෙන්
තනිපංගලමේ ඉන්න වරෙන් ලෙච්චමී

තනිපංගලමේ ඉන්න වරෙන් ලෙච්චමී
ආඬවනේ ඕවට මම කැමතිම නෑනේ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
The Kudaya Pite Bendan Song Lyrics - තේ කූඩය පිටේ බැඳන් ගීතයේ පද පෙළ The Kudaya Pite Bendan Song Lyrics - තේ කූඩය පිටේ බැඳන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 06, 2021 Rating: 5

0 comments:

Post a Comment