තන්දුරී චිකන් හදමු (Tandoori Chicken)

තන්දුරී චිකන් හදමු (Tandoori Chicken) - Your Choice Way

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • කුකුල් මස් කකුල් කොටස්  හෝ කලවා කොටස් 5  (සම ඉවත් කල)
  • යෝගට් කෝප්ප 1
  • ඉගුරු මේස හැදි 1 (අඹරා ගත් )
  • සුදු ළූණු මේස හැදි 1 (අඹරා ගත් )
  • කොත්තමල්ලි කුඩු තේ හැදි 1
  • සූදුරු කුඩු තේ හැදි 1
  • කහ කුඩු තේ හැදි 1
  • ගරම් මසාලා මේස හැදි 1
  • Sweet paprika මේස හැදි 1( නැත්නම් මිරිස් කුඩු භාවිතා කරන්න )
  • ලෙමන් යුෂ මේස හැදි 2
  • තෙල් මේස හැදි 4,5
  • රතු වර්ණක බිංදු 3,4
  • රස අනුව ලුණු 

✅ සාදා ගන්නා ආකාරය :

  1. භාජනයක් ලිප තබා තෙල් එක් කර එයට කොත්තමල්ලි කුඩු ,සූදුරු කුඩු ,කහ කුඩු ,ගරම් මසාලා හා paprika එක් කර මද ගින්නේ තෙම්පරාදු කර ගන්න.
  2. එය නිවෙන්න පසෙකින් තබන්න .
  3. යෝගට් ටික බෝල් එකකට දමා එයට අඹරා ගත් ඉගුරු ,සුදු ළුණු ,ලෙමන් යුෂ ,රස අනුව ලුණු හා වර්ණක බිංදු ටිකද එක් කර හොඳින් මිශ්‍ර කර ගන්න .
  4. දැන් තෙම්පරාදු මිශ්‍රණය හා යෝගට් මිශ්‍රණය එක් කර මිශ්‍ර කර සියල්ල සෝදා පිරිසිදු කර ගත් කුකුල් මස් වලට එක් කර හොදින් මිශ්‍ර කර පැය 7,8 වසා ශීතකරණයේ තබා ගන්න .
  5. පැය ගණන සම්පුර්ණ වු විට බේකින් ට්‍රේ එකක මස් ටික අතුරා කලින් රත් කර ගත් උදුනක මස් දුඹුරු පැහැ වන තෙක් ග්‍රීල් කර ගන්න .
  6. මස් ග්‍රීල් වන විට මස් වලින් එකතු වන වතුර වරින් වර ඉවත් කරන්න.
  7. නිවුනු පසු  කොත්තමල්ලි කොළ ,ළුණු පෙති හා දෙහි පෙති සමග පිළිගන්වන්න.
තන්දුරී චිකන් හදමු (Tandoori Chicken) - Your Choice Way

තන්දුරී චිකන් හදමු (Tandoori Chicken) - Your Choice Way

තන්දුරී චිකන් හදමු (Tandoori Chicken) - Your Choice Way

Chef Nadee (නදී අමරසිංහ)
Page එක Like කරලා Share කරන්නත් අමතක කරන්න එපා.

Chef Nadee
𝑪𝒂𝒌𝒆𝒔 𝒂𝒓𝒆 𝑺𝒑𝒆𝒄𝒊𝒂𝒍 𝑬𝒗𝒆𝒓𝒚 𝑩𝒊𝒓𝒕𝒉𝒅𝒂𝒚 ,𝑬𝒗𝒆𝒓𝒚 𝑪𝒆𝒍𝒆𝒃𝒓𝒂𝒕𝒊𝒐𝒏 𝑬𝒏𝒅𝒔 𝒘𝒊𝒕𝒉 𝒔𝒐𝒎𝒆𝒕𝒉𝒊𝒏𝒈 𝒂 𝑪𝒂𝒌𝒆 & 𝒑𝒆𝒐𝒑𝒍𝒆 𝒓𝒆𝒎𝒆𝒎𝒃𝒆𝒓 𝑰𝒕'𝒔 𝒂𝒍𝒍 𝒂𝒃𝒐𝒖𝒕 𝒕𝒉𝒆 𝒎𝒆𝒎𝒐𝒓𝒊𝒆𝒔!
# 𝙹𝚊𝚛 𝙲𝚊𝚔𝚎𝚜
# 𝙲𝚞𝚙𝚌𝚊𝚔𝚎𝚜
# 𝙱𝚒𝚛𝚝𝚑𝚍𝚊𝚢 𝙲𝚊𝚔𝚎𝚜
# 𝚆𝚎𝚍𝚍𝚒𝚗𝚐 𝚂𝚝𝚛𝚞𝚌𝚝𝚞𝚛𝚎𝚜
𝘊𝘩𝘦𝘧 𝘕𝘢𝘥𝘦𝘦 𝘈𝘮𝘢𝘳𝘢𝘴𝘪𝘯𝘨𝘩𝘦
Chef Nadee - Click Here (DM to Orders,Promotions & Collaborations.)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment