තල කියන්නේ හරිම ගුණදායක මේදය බහුල ඇට වර්ගයක්. ලොකු පොඩි සැමට කෑමට අනිවාරයෙන් එක් කර ගතයුතු දෙයක්.
තල වලින් හදන මෙම තහිනි තැවරුමක් ලෙසත් විවිධ කෑම වර්ග රස කරන්නත් සොස් වර්ගයක් ලෙසත් සලාද වලට Dressing එකක් ලෙසත් අපිට කෑමට එකතු කරගන්න පුළුවන්.එහෙනම් අපි බලමු තහිනි හදන්න මොනවද අවශ්‍ය කියලා.
✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- 🍚 තල ඇට 1 cup
- 🍚 ඔලිව් ඔයිල් 2 to 3 tbls (පොල් තෙල් හෝ තල තෙල් - මේස හැදි)
- 🍚 ලුණු රස අනුව
- 🍚 සුදුලුණු ලොකු බික් 1 (අවශ්‍යනම් පමණක්)
- 🍚 ගම්මිරිස් ස්වල්පයක් (අවශ්‍යනම් පමණක්)
- 🍚 දෙහි යුෂ ස්වල්පයක් (අවශ්‍යනම් පමණක්)
✅ සාදා ගන්නා ආකාරය :
- මුලින්ම තල හොදින් සෝදා වතුර පෙරා කබලේ රන්වන් පාට වන තෙක් බැදගන්න.
- ඉන්පසු බැදගත් තල Blender කර ගන්න.
- දැන් Blender කරගත් තල මීශ්‍රනයට ඔලිව් ඔයිල් හා ලුණු එක්කර නැවතත් Blender කරගන්න. සෝස් එකක් ආකාරයට එන තෙක් ඔලිව් ඔයිල් එක්කරමින් හදාගන්න. (සුදුලූණු, ගම්මිරිස්, දෙහි යුෂ අවශ්‍යනම් මේ වෙලාවෙදී එකතු කරගන්න.)
තහිනි යොදා ගෙන හදන Recipe ගොඩක් ඉදිරියෙදි මම ඔයාලට අරගෙන එනවා.
එතෙක් මේ තහිනි එක හදලා බලලා අපිටත් රස කියන්න.තවත් රස පදමට හදන Recipe අරගෙන මම ආයිත් එන්නම්.සියලු දෙනාට සුභ දවසක්..
අපේ රස පදම Page එක Like කරලා Share කරන්නත් අමතක කරන්න එපා.
0 comments:
Post a Comment