අද මම ☕ වෙලාවට කන්න හැදුවා ලොකු පොඩි කවුරුත් කන්න කැමති කැමක් . සීනි මුරුක්කු. හරිම රසයි වගේම ලෙහෙසියි හදන්න .
✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- පාන් පිටි 200g
- සීනි මේස හැදි 1 1/2
- මාජරීන් මේස හැදි 2
- ලුණු තේ හැඳි 1/2.
- අවශ්‍ය පමණට වතුර
- බැද ගැනීමට තෙල්
- සිරප් එකට
- සිනි කප් 1 (200g)
- වතුර කප් 1/4 (60ml)
✅ සාදා ගන්නා ආකාරය :
- පලමුව භාජනයකට පිටි , සීනි , ලුණු සහ මාජරීන් දමා හොදින් අනන්න.
- පසුව වතුර ටික ටික දමා අනා ඝන ඩෝ එකත් සාදා ගන්න.
- ටිකක් වෙලා නීඩ් කර භාජනය පියනකින් වසා විනාඩි 15 ක් තබන්න.
- විනාඩි 15 ට පසු නිඩ් කර පිටි තැවරුණු ලෑල්ලක් මත තුනී කර තරමක හීන් තීරු කපා ඒවා අගල් 1 1/2 ප්‍රමාණයේ කැලි වලට කපා පිගානක් මත තබා ගන්න.
- දැන් තෙල් තාච්චියක් ලිප තබා මද ගින්දරේ බැඳ ගන්න.
- අවසානෙට භාජනයක් ලිප තබා එයට සීනි, ලුණු ටිකක් සහ වතුර දමා නුලක් සේ ඇදෙන ගානට උණු කරන්න.
- පසුව සීනි සිරප් එක ලිපෙන් ඉවතට ගෙන බැද ගත් මුරුක්කු ටික පෙරලන්න .
හරිම රසයි හදලා බලන්න කෝ. Dhammika Panangala (ධම්මිකා පනංගල)
0 comments:
Post a Comment