Song Title : Sanda Kiranin Mage (සඳ කිරණින් මගෙ)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
පද : ක්ලැරන්ස් විජේවර්ධන
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන
සඳ කිරණින් මගෙ පාළුව මැකීලා
සිත සනසා ගන්නම් සඳ බලාලා
ඔබෙ රුව දුටුවා
ඒ තුළ මැවිලා
අමුතු ලොවකි මේ සඳරැස් ගලාලා //
ඇය දැකලා
සිනහවෙලා //
සිත මා පිබිදෙනවා
අමුතු ලොවකි මා අභයස
කිමදෝ ඇයගේ අදහස
මගේ පැලට පහනක් වේවා
සඳ කිරණින් මගෙ පාළුව මැකීලා
සිත සනසා ගන්නම් සඳ බලාලා
ඔබෙ රුව දුටුවා
ඒ තුළ මැවිලා
අමුතු ලොවකි මේ සඳරැස් ගලාලා
ගේ මිදුලේ
මල් පිපිලා //
බමර ගීත ගැයුණා
සවන් පුරා එන රාවෙන්
රැයේ දකින සුබ සිහිනෙන්
මගේ පැලට පහනක් වේවා
සඳ කිරණින් මගෙ පාළුව මැකීලා
සිත සනසා ගන්නම් සඳ බලාලා
ඔබෙ රුව දුටුවා
ඒ තුළ මැවිලා
අමුතු ලොවකි මේ සඳරැස් ගලාලා //
0 comments:
Post a Comment