✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- සමපෝෂ 350g
- සීනි කප් 1 (200g)
- පොල් කප් 1 (100g)
- වැනිලා තේ හැඳි 1
- ලුණු තේ හැඳි 1/2
- කරදමුoගු ඇට 5 (කුඩු කර ගත් )
- ඇස්ට්‍රා මේස හැදි 1
- වතුර කප් 1 1/2
✅ සාදා ගන්නා ආකාරය :
- පලමුව භාජනයක් ලිප තබා රත් වනවිට පොල් ටික දමා මලව ගන්න. පොල් ටික මැලවුණු පසු වෙනත් භාජනයකට අයින් කරන්න.
- එම භාජනයටම සිනි සහ වතුර දමා උණු කරන්න. උතුරන විට ලුණු , කරදමුoගු කුඩු සග වැනිලා එකතු කරන්න . සීනි නුලක් සේ ඇදෙන ගානට උණු කරන්න.
- ඊට පසු පොල් එකතු කරන්න. හොදින් මිශ්‍ර කරන්න. ඇස්ට්‍රා මේස හැදි 1 එකතු කරන්න.
- අවසානෙට සමපෝෂ ටික ටික එකතු කරන්න. හොදට කලවම් කරන්න . මැදට මිශ්‍රණය ගුලියක් ලෙස එකතු වුවිට ලිපෙන් ඉවත් කර ඇස්ට්‍රා ගාගත් තැටියක තුනී කරන්න.
- පසුව ටිකක් ඝන වුවාට පසු කැලි කපා ගන්න.
- හදලා රස බලන්න කෝ.
Dhammika Panangala (ධම්මිකා පනංගල)
0 comments:
Post a Comment