Ruwak Adenawa Song Lyrics - රුවක් ඇදෙනවා ගීතයේ පද පෙළ

Ruwak Adenawa Song Lyrics - රුවක් ඇදෙනවා ගීතයේ පද පෙළ

Ruwak Adenawa Song Lyrics - රුවක් ඇදෙනවා ගීතයේ පද පෙළ
Song Title : Ruwak Adenawa (රුවක් ඇදෙනවා)
ගායනය : ගුණදාස කපුගේ සමඟින් කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය : මහින්ද දිසානායක
සංගීතය : ගුණදාස කපුගේ


රුවක් ඇදෙනවා කවුදෝ එනවා
මීවිත ඇතිරිය දෑස වසනවා
හද පොදි බැදි රුව දියකර පා කර
ඔබේ ලොවට මා..මොහොතින් එනවා...

සොදුරු යොවුන්විය මල් මඟ මුල හිද
කිම තොල මීවිත පොඟවන්නේ...//
නුරා විරහ ගිනි නිවා දමන්නයි
සුරා වෙතින් මා දෙතොල තෙමන්නේ

රුවක් ඇදෙනවා කවුදෝ එනවා
මීවිත ඇතිරිය දෑස වසනවා
හද පොදි බැදි රුව දියකර පා කර
ඔබේ ලොවට මා..මොහොතින් එනවා...//

නැගුනු නුරා ගිනි මිනි පොද වැටිලා
හතර අතින් දළුලා එනවා...//
අවන්හලේ මීවිත තනිකරලා
වරෙන් මලේ පියවර නගලා..

රුවක් ඇදෙනවා කවුදෝ එනවා
මීවිත ඇතිරිය දෑස වසනවා
හද පොදි බැදි රුව දියකර පා කර
ඔබේ ලොවට මා..මොහොතින් එනවා...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment