Mee Amba Aththe Song Lyrics - මී අඹ අත්තේ ගීතයේ පද පෙළ

Mee Amba Aththe Song Lyrics - මී අඹ අත්තේ ගීතයේ පද පෙළ

Mee Amba Aththe Song Lyrics - මී අඹ අත්තේ ගීතයේ පද පෙළ
Song Title : Mee Amba Aththe (මී අඹ අත්තේ) 
ගායනය : මිල්ටන් මල්ලවආරච්චි, නීලා වික්‍රමසිංහ
තනුව : සරත් දසනායක
ගී පද : අජන්තා රණසිංහ
චිත්‍රපටිය : චංචල රේඛා


මී අඹ අත්තේ කොහෝ කොහෝ
දොළොස් මහේ මඟුල් දොහේ ..//
රබාන රත්වෙන නැකැත් වෙලාවට
නලාව පිඹහන් කොහෝ කොහෝ 

ගිරා නිලෙන් දිලි ගොයම් ලියද්දේ
උඩින් උඩින් වර පෙත්තප්පූ
හෝරාවෙන් නොනගතේ ගෙවෙද්දී
නෑගම් එනවද පෙත්තප්පූ

ගම් මැද්දේ සරු අවුරුදු දා //
පච්ච වඩම් පළඳා

මී අඹ අත්තේ කොහෝ කොහෝ
දොළොස් මහේ මඟුල් දොහේ
රබාන රත්වෙන නැකැත් වෙලාවට
නලාව පිඹහන් කොහෝ කොහෝ 

හිස තෙල් ගානා ආදර අතකින්
ඉහෙන් බහින උවදුරු දුරුවී
නෙත් දෙක වාගේ අයිය නඟාලට
පින් පලදේ අවුරුදු ජයවී

එක මව් කුසයේ ඉපදේවා //
මතු මතු සංසාරේ

මී අඹ අත්තේ කොහෝ කොහෝ
දොළොස් මහේ මඟුල් දොහේ

මී අඹ අත්තේ කොහෝ කොහෝ
දොළොස් මහේ මඟුල් දොහේ

රබාන රත්වෙන නැකැත් වෙලාවට
නලාව පිඹහන් කොහෝ කොහෝ 

මී අඹ අත්තේ කොහෝ කොහෝ
දොළොස් මහේ මඟුල් දොහේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mee Amba Aththe Song Lyrics - මී අඹ අත්තේ ගීතයේ පද පෙළ Mee Amba Aththe Song Lyrics - මී අඹ අත්තේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 16, 2021 Rating: 5

0 comments:

Post a Comment