Me Mayi Gaha Yata Song Lyrics - මේ මැයි ගහ යට ගීතයේ පද පෙළ

Me Mayi Gaha Yata Song Lyrics - මේ මැයි ගහ යට ගීතයේ පද පෙළ
Song Title : Me Mayi Gaha Yata (මේ මැයි ගහ යට)
ගායනය : මිල්ටන් මල්ලවආරච්චි
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය : මිල්රෝයි ධර්මරත්න


මේ මැයි ගහ යට දවසක් දා..
වැස්සට අපි උන්නා..
රතු කැට වාගේ මැයි මල් පිපි පිපි
අපට සෙවන දුන්නා...
අපට සෙවන දුන්නා...

මැයි මාසේ එක සැන්දා වරුවක
සීතල වැහි පොද වැටෙන වෙලේ..
ආදරවියෝවක් සිතින් එබෙන සඳ
වැහිපොද සේ නෙතු කඳුලු සැලේ
වැහිපොද සේ නෙතු කඳුලු සැලේ..

වැහිපොද වැටුනත් ඉස්සර වාගේ
මැයි මල් පිපුනත් රතට රතේ..
අපදෙදෙනෙක් නොව අද මා පමණයි
මැයි ගස් සෙවනේ අඳුරු පෙතේ
මැයි ගස් සෙවනේ අඳුරු පෙතේ..

මේ මැයි ගහ යට දවසක් දා..
වැස්සට අපි උන්නා..
රතු කැට වාගේ මැයි මල් පිපි පිපි
අපට සෙවන දුන්නා...
අපට සෙවන දුන්නා...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Mayi Gaha Yata Song Lyrics - මේ මැයි ගහ යට ගීතයේ පද පෙළ Me Mayi Gaha Yata Song Lyrics - මේ මැයි ගහ යට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 15, 2021 Rating: 5

0 comments:

Post a Comment