මම ඔයාලට තහිනි recipe එක මීට කලින් අරන් ඇවිත් තියනවා. බලලා හදාගන්න.දැන් අපි බලමු හමුස් හදන්න මොනවද අවශ්‍ය වෙන්නේ කියලා.
✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- 🍯 තම්බාගත් කඩල 1 cup
- 🍯 ඔලිව් ඔයිල් 4-5 tbsp
- 🍯 සුදු ළූණු බික් 2ක් පමණ
- 🍯 කඩල තැම්බු වතුර ¼ cup
- 🍯 දෙහි යුෂ 1 tbsp
- 🍯 මිරිස් කුඩු 1 tsp
- 🍯 තහිනි 2 tbsp
- 🍯 ලුණු රස අනුව
tbsp = මේස හැදි
tsp = තේ හැදි
✅ සාදා ගන්නා ආකාරය :
- මුලින්ම සියල්ල Blender Cup එකට දමා තලපයක් ආකාරයට සැදෙන තෙක් Blender කරගන්න.
- ඝන ගතිය වැඩි නම් ඔලිව් ඔයිල් එකතු කර නැවත Blender කරගන්න.
- අපිට මේ හමුස් තැවරුමක් ලෙස ද, Dip එකක් ලෙස ද ආහාරයට එකතු කරගන්න පුළුවන්. බාබාලට හමුස් විතරක් වුණත් කෑමට දෙන්න පුළුවන්.
මේ Hummus එක හදලා බලලා අපිටත් රස කියන්න.තවත් රස පදමට හදන Recipe අරගෙන මම ආයිත් එන්නම්.සියලු දෙනාට සුභ දවසක්...
අපේ රස පදම Page එක Like කරලා Share කරන්නත් අමතක කරන්න එපා.
0 comments:
Post a Comment