Dura Atha Atheethaye Song Lyrics - දුර ඈත අතීතයේ ගීතයේ පද පෙළ

Dura Atha Atheethaye Song Lyrics - දුර ඈත අතීතයේ ගීතයේ පද පෙළ
Song Title : Dura Atha Atheethaye (දුර ඈත අතීතයේ)
ගායනය : චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
සංගීතය : චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
ගී පද : හේසලා ගුණතිලක


දුර ඈත අතීතයේ ඔබ හා ඇවිද ගොසින්
ආසයි ආ මග ආයිත් එන්නට
අප පෙම බිඳුණු තැනින්
දුර ඈත අතීතයේ ඔබ හා ඇවිද ගොසින්

බොලඳ සිහිනයකි මා සිත දකිනා
සැබෑ ලොවක ඉටු නොවනු ඇති
ආසයි එනමුදු නැවත දකින්නට
ඒ සිහිනේ සැරි සරමු අපි

දුර ඈත අතීතයේ ඔබ හා ඇවිද ගොසින්

ඔබේ සිත මා සිත දෙලොවක රැඳුණා
නොසිතු නොපැතු ලෙසින් ගැටී
එනමුදු තාමත් සිහින මැවෙනවා
මතකේ හදවත පතුලේ රැඳී

දුර ඈත අතීතයේ ඔබ හා ඇවිද ගොසින්
ආසයි ආ මග ආයිත් එන්නට
අප පෙම බිඳුණු තැනින්
දුර ඈත අතීතයේ ඔබ හා ඇවිද ගොසින්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment