🌵🏕️දකුණු ඕස්ට්‍රේලියානු කාන්තාරයේ පිහිටල තියෙන මේ අපූරු නගරය හැඳින්වෙන්නේ Coober Pedy කියන නමින්.
🌐🌿අග්නි මාණික්‍ය සඳහා ලෝකයේ ප්‍රකට මෙම නගරය දශක කිහිපයක් පුරා පතල් කැණීම් සිදුකෙරුණු කලාපයක් වීම විශේශත්වයක්.
🏖️️🏕️ඒ නිසාම මේ නගරය Opal Capital of the World විදිහට ලෝකය පුරා ප්‍රසිද්ධ වෙනවා.
🌿🌵දහවල් කාලය තුළ මෙම කාන්තාරයේ උෂ්ණත්වය සෙල්සියස්අංශක 50 ඉක්මවන නිසාම මොවුන් අධික උණුසුමෙන් ආරක්ෂා වීම සඳහා පොළොව පත්ලේ භූගත නිවාස නිර්මාණය කිරීම සිදු කරනවා.
🌐🏖️️දහවල් කාලයේ අධික උණුසුමක් පැවතිය ද රාත්‍රී කාලයේ මෙම කාන්තරය අධික ශීතලකින් යුක්ත වීම විශේශත්වයක්.
🏕️🌐මෙම භූගත නගරයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 20 – 25 අතර වනවා.ඒවගේම ශීත කාලයේදි එය සෙල්සියස් අංශක 09 දක්වා පහත වැටෙනවා.
🏕️🏖️️ඒවගේම Coober Pedy වාසීන්ගෙන් 15% ක් ආදිවාසීන් වන අතර ඉතිරි නගරවාසීන් අතරට රටවල් 50ක පුද්ගලයන් අයත් වනවා.ඒ අතරට ශ්‍රී ලාංකිකයන් ද ඇතුලත් වීම විශේශත්වයක්.
🌿🏕️ඒවගේම පොළොව මත සිදුවන ඕනෑම හානිකර තත්වයකදී ආරක්ෂා වියහැකි නගරයක් හැටියටත් මේ නගරය නම් කරල තියෙනවා.
😁😁 ඔන්න ලංකාවෙ අයත් ඉන්න එකේ දවසම අමතක නොකර බලන්න යන්න ඕන හොදේ..
තොරතුරු සියල්ල අන්තර්ජාලය ඇසුරින් " කරුණාකර කර්තෘ අයිතිය සුරකින්න." ✍️ නොදුටු ලොව සමූහයේ ඉශානී මහේශිනී
0 comments:
Post a Comment