Song Title : Chandra Kinnara Jathake (චන්ද්ර කින්නර ජාතකේ)
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
සංගීතය : රෝහණ වීරසිංහ
ගී පද : උබේනන්ද දිසානායක
චන්ද්ර කින්නර ජාතකේ කිඳුරිය ලෙසින්
නුඹ පෙම් බැඳන් මට ළං වුණා
පෙම් බැඳන් ආ කින්නරාවී
මගෙ ළඟින් හිඳ වෙන් වුණා
ගෙට එන්න පෙර කළ කී කතා
උඩුගම් බලා ගියෙදෝ මෙදා //
විස හී සරේ පපුවට හෙලා
නුඹ නාටකේ වෙනසක් කළා
චන්ද්ර කින්නර ජාතකේ කිඳුරිය ලෙසින්
නුඹ පෙම් බැඳන් මට ළං වුණා
පෙම් බැඳන් ආ කින්නරාවී
මගෙ ළඟින් හිඳ වෙන් වුණා
අත දරුවො ගෙන මහගිරි දඹේ
තනිවම නගින්නද පෙම් කළේ //
කළු කාසියට හදවත් වැසේ
නුඹ සොයනවද බරණැස් පුරේ
චන්ද්ර කින්නර ජාතකේ කිඳුරිය ලෙසින්
නුඹ පෙම් බැඳන් මට ළං වුණා
පෙම් බැඳන් ආ කින්නරාවී
මගෙ ළඟින් හිඳ වෙන් වුණා
0 comments:
Post a Comment