මම අදත් දවල්ට කන්න විශේෂ බතක් හැදුවා . කැරට් බත (Carrot Rice).ඇත්තටම මේකත් හරිම රසයි වගේම ගුණයි . නිර්මාංශ අයට හොදයි . එවගේම ලෙහෙසියි හදන්න . මෙහෙමයි හැදුවේ .
✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- කීරි සම්බා බත් ( මම රයිස් කුකර් එකේ කප් එකෙන් 2 උයා ගත්තා රම්පෙ දමා ) ඕන හාල් ජාතියක් ගන්න පුළුවන් .
- කැරට් අල 1 (මම ලොකු කැරට් අල 1 ග්‍රේට් කලා )
- කහ කුඩු තේ හැදි 1 /4
- කැලි මිරිස් මේස හැදි 1
- අබ තේ හැදි 1 /2
- එළගි තෙල් හෝ මාජරින් මේස හැදි 3
- කරදමුංගු සහ කරාබු නැටි 4 බැගින්
- කරපිංච (සිහින්ව කපා ගත්)
- කුරුදු කැබලි 2 පමණ
- ලුනු කුඩු
✅ සාදා ගන්නා ආකාරය :
- භාජනයක් ලිප තබා එළගි තෙල් හෝ මාජරින් දමා රත් වනවිට අබ දමා පුපුරන විට ළුනු එකතු කර යාන්තමට බැදෙන විට එයට කරපිංච , කුරුදු , එනසාල් , කරාබු නැටි , එකතු කර යාන්තමට බැදෙන්න දෙන්න .
- දැන් කැරට් එකතු කර හොඳින් කලවම් කර ටිකක් වෙලා බැදෙන විට ලුනු කුඩු , කහ කුඩු සහ කැලි මිරිස් එකතු කර හොඳින් මිශ්‍ර කර ටිකක් වෙලා බැදෙන්න දෙන්න. කැමති නම් මේ වෙලාවේ බිත්තර 1 එකතු කරන්න .
- අවසානෙට පිස ගත් බත් දමා හොඳින් මිශ්‍ර කර ලිප නිවා දමා ටික වේලාවක් ලිප මත තබා පසුව ඉවත් කරන්න.
හදලා බලන්න කෝ. Dhammika Panangala (ධම්මිකා පනංගල)
0 comments:
Post a Comment