✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- පාන් පිටි 260g කප් 2
- බටර් හෝ මාජරින් මේස හැදි 1
- සීනි තේ හැදි 1
- බිත්තර 1
- කිරිපිටි මේස හැදි 1
- ලුනු තේ හැදි 1/2
- වතුර මේස හැදි 4 (යාන්තම් කූල් වතුර )
- ඊස්ට් තේ හැදි 1
- සීනි තේ හැදි 1
- මද රස්නෙ වතුර කප් 1/4
✅ සාදා ගන්නා ආකාරය :
- පලමුව කප් එකකට ඊස්ට් , සීනි , මද රස්නෙ වතුර දමා දිය කර පිපෙන්න විනාඩි 10 තබන්න .
- භාජනයකට පාන් පිටි , කිරිපිටි , බටර් , ලුනු සහ බිත්තර 1 ටිකක් තට්ටු කර 1/2 එකතු කරන්න . දැන් ඊස්ට් මිශ්‍රණය දමා හොඳින් මිශ්‍ර කරන්න . යාන්තම් කූල් වතුර මේස හැදි 4 දමා මිශ්‍ර කර ඩෝ එකක් සාදා ගන්න .
- දැන් එය ඩෝ මැට් එකක් උඩට දමා විනාඩි 10 පමණ නීඩ් කරන්න . වැඩියේ අත තද කරන්න එපා .
- දැන් දිග අතට රෝල් කර සමාන කොටස් 4,කට වෙන් කර බෝල සාදා පිටි ඉසු ට්‍රේ එහෙක තබා රෙද්දකින් වසා විනාඩි 30 පමණ පිපෙන්න තබන්න .
- විනාඩි 30 ට පසු බෝලයක් ගෙන පිටි තැවරු ලැල්ලක් මත තුනී කර වටෙන් ඇතුලට නවා මැද එකතු කර තද කරන්න . නැත්නම් බේක් වනවිට දිග ඇරෙයි . පසුව අතින් රවුම් හැඩයට සාදා ගන්න .මෙලෙස සියල්ලම සාදා නැවත රෙද්දකින් වසා විනාඩි 20ක් පමණ පිපෙන්න තබන්න .
- විනාඩි 20ට පසු ඒවා උඩින් ඉතිරි වු බිත්තර සාරය ගාන්න . මම උඩට තල ඇට ටිකක් දැම්මා .
- අවන් එක උෂ්ණත්වය 200ට විනාඩි 10 pre heat කර විනාඩි 15ට සෙට් කර බේක් කරන්න .
සදා ගත් පසු පිරවුම සදහා
✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- බිත්තර 2 කින් සිහින්ව ළුනු සහ අමු මිරිස් කපා ලුනු කුඩු එකතු කර ඔම්ලට් 4 හැදුවා .
- තක්කාලි පෙති
- රට ළුනු පෙති
- ගම්මිරිස් කුඩු
- සලාද කොල
✅ සාදා ගන්නා ආකාරය :
- මේවා සියල්ලම පෙති කපා බර්ගර් බන්ස් එක මැදින් පලා පලමුව සලාද කොල තබා ඒක උඩින් ඔම්ලට් එකක් තබා ඊට උඩින් තක්කාලි , ළුනු පෙති තබා ගම්මිරිස් කුඩු ටිකක් දමා පහල පින්තූරයේ පෙනන පරිදි සරසා ගන්න . හදලා බලන්න කෝ .
Dhammika Panangala (ධම්මිකා පනංගල)
0 comments:
Post a Comment