✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- බතල 750g (තම්බා ගත්.තම්බන විට මතක ඇතුව ලුනු දාන්න.එවගේම තරමක ප්‍රමාණයට කපා ගන්න)
- කැලි මිරිස් තේ හැදි 3 (සැර අවශ්‍ය නම් තව එකතු කරන්න)
- අබ තේ හැදි 1/2
- කහ කුඩු තේ හැදි 1/2
- කරපිංච ටිකක් (සිහින්ව කපා ගත්)
- තරමක ලොකු ළුනු ගෙඩ් 1
- ලුනු කුඩු තේ හැදි 1
- උකු පොල් කිරි කප් 1/2
- සිහින්ව ගා ගත් පොල් මේස හැදි 6
- තෙල් මේස හැදි 3
✅ සාදා ගන්නා ආකාරය :
- පලමුව තම්බා ගත් බතල තරමක ප්‍රමාණ කොටු හැඩයට කපා ගන්න (පහල පින්තූරයේ පෙනන පරිදි ).
- භාජනයක් ලිප තබා තෙල් දමා රත් වු විට අබ එකතු කර පිපිරෙන විට සුදු ළුනු එකතු කර හොඳින් මිශ්‍ර කර යාන්තමට බැදෙන විට ළුනු , කරපිංච එකතු කර හොඳින් මිශ්‍ර කර යාන්තමට බැදෙන්න දෙන්න .
- පසුව එයට කහ කුඩු , කැලි මිරිස් සහ ලුනු කුඩු එකතු කර හොඳින් මිශ්‍ර කර යාන්තමට බැදෙන විට එයට උකු පොල්කිරි එකතු කර හොඳින් මිශ්‍ර කරන්න . උතුරවන්න.
- ටිකක් වෙලා පොල් කිරි උතුරන විට එයට සිහින්ව ගා ගත් පොල් එකතු කර හොඳින් කලවම් කරන්න . (පහල පින්තූරයේ පෙනන පරිදි ).
- අවසානෙට තම්බා කපා ගත් බතල එකතු කර හොඳින් මිශ්‍ර කරන්න . මම නම් තාච්ච් යක කලේ. දෙපැත්තෙන් අල්ලා ටොස් (උඩ දැම්මා )කලා . පසුව හෙමින් හැන්දකින් පෙරලුවා. හදලා බලන්න කෝ .
Dhammika Panangala (ධම්මිකා පනංගල)
0 comments:
Post a Comment