✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- තරමක අලිගැට පේර ගෙඩ් 2
- ෆ්‍රෙශ් මිල්ක් 450ml
- වැනිලා තේ හැදි 1
- අයිස් කැට ටිකක්
- ලුනු කුඩු ටිකක්
- අයිස් ක්‍රීම් ස්කූප් 2
- සීනි රස අනුව (මම දැම්මේ මේස හැදි 3 )
- ස්ප්‍රින්කල්ස් ටිකක්
✅ සාදා ගන්නා ආකාරය :
- පලමුව තරමක කප් එකකට කිරි ටික දමා එයට ලුනු , වැනිලා , සීනි එකතු කර හොඳින් මිශ්‍ර කරන්න .
- පසුව බ්ලෙන්ඩර් එකට අලිගැට පේර 2 සුරා දමන්න .
- ඊට පසු කිරි මිශ්‍රණය, අයිස් ක්‍රීම් සහ අයිස් කැට එකතු කර බ්ලෙන්ඩ් කරන්න .
- අවසානෙට වීදුරු වලට දමන්න . මම උඩටත් අයිස් ක්‍රීම් දමා ස්ප්‍රින්කල්ස් වලින් සරසා ගත්තා . කැමති නම් කරන්න . නැත්නම් වීදුරු ටික වේලාවක් ශිත කරනයේ තබා ගන්න.
හදලා බලන්න කෝ. Dhammika Panangala (ධම්මිකා පනංගල)
0 comments:
Post a Comment