Song Title : Atheethaya Sihinayak Pamanayi (අතීතය සිහිනයක් පමණයි)
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය : පල්ලේගම හේමරතන හිමි
සංගීතය : නාලක අංජන කුමාර
අතීතය සිහිනයක් පමණයි
සැබෑ සුවඳක් නෑ
එදා සෙනෙහෙන් නොබැදුනානම්
මෙදා වියොවක් නෑ //
තැනූ මන්දිර බිදී වැටුනත්
නෙතේ කදුලක් නෑ //
සිනහවෙන්නට වරම් නොලදත්
හිතේ කිළුටක් නෑ
අතීතය සිහිනයක් පමණයි
සැබෑ සුවඳක් නෑ
එදා සෙනෙහෙන් නොබැදුනානම්
මෙදා වියොවක් නෑ
සොබා දහමට නොවන අවනත
ලොවේ කිසිවක් නෑ //
ලොවේ පැරදුම මිසක කිසිදා
ලැබූ දිනුමක් නෑ
අතීතය සිහිනයක් පමණයි
සැබෑ සුවඳක් නෑ
එදා සෙනෙහෙන් නොබැදුනානම්
මෙදා වියොවක් නෑ //
0 comments:
Post a Comment