Song Title : Wadakayaneni (වාදකයාණෙනි)
ගායනය : විශාරද සුනිල් එදිරිසිංහ
පද රචනය : සමන් චන්ද්රනාත් වීරසිංහ
සංගීතය : පී.වී.නන්දසිරි
වාදකයාණෙනි ඔබේ සිතාරය
සත්සර නංවන සුමිහිර රාවය
කෙතක ගොයම් නෙළනා ලඳුන්නේ
දෙතොලේ ගීයට මුසු කළ මැනවී
අඬ අඳුරේ මන්මත් කල රාගය
තොලගාමින් මෝහයේ සුරාවිත
ආලිංගන නැටුමකට සාදය
කුමට වයන්නෙද එවන් සිතාරය
වාදකයාණෙනි ඔබේ සිතාරය
සත්සර නංවන සුමිහිර රාවය
කෙතක ගොයම් නෙළනා ලඳුන්නේ
දෙතොලේ ගීයට මුසු කළ මැනවී
නව ලොව එළි කළ අරුණාලෝකය
රන් කෙත කරනා සඳ ආලෝකය
සව් සිරි අස්වනු නෙළනා ගීතය
රසවත් කළ මැන වයා සිතාරය
වාදකයාණෙනි ඔබේ සිතාරය
සත්සර නංවන සුමිහිර රාවය
කෙතක ගොයම් නෙළනා ලඳුන්නේ
දෙතොලේ ගීයට මුසු කළ මැනවී
0 comments:
Post a Comment