Upan Hadawiye Song Lyrics - උපන් හඳවියේ ගීතයේ පද පෙළ

Upan Hadawiye Song Lyrics - උපන් හඳවියේ ගීතයේ පද පෙළ
Song Title : Upan Hadawiye (උපන් හඳවියේ)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු
පද රචනය : කුලරත්න ආරියවංශ
තනුව හා සංගීතය : ආචාර්ය වික්ටර් රත්නායක
1976 දී තිරගතවූ "සරුංගලේ" චිත්‍රපටියේ ගීයකි


උපන් හඳවියේ
දුකක් අහලා නැති අපේ අඩවියේ
සතුට ගලාලා
පොපියන සුබ දවසක් උදාවෙයන් හෙටක් කියාලා //

තෝන්තුවෙන් කල ගෙවුනට ආදරයෙන් හාමතේ
කල ආ දා හිනැහෙනවා කිරි වැදිලා ජීවිතේ

නියං කාලේ එක දිනෙන් නිමාවී
ගමක් හේදෙන්නට වැස්ස වහීවී ...//

උපන් හඳවියේ
දුකක් අහලා නැති අපේ අඩවියේ
සතුට ගලාලා
පොපියන සුබ දවසක් උදාවෙයන් හෙටක් කියාලා //

රෑ දාවල් පොරබැදුවත් ගැටගහන්න ජීවිතේ
සන්තෝසෙන් යාවෙනවා මේ විදියට මීවිතේ

අපේ තරහ මරහ වාද භේද නෑ
හිතේ උඩින් එකක් යටින් එකක් නෑ ...//

උපන් හඳවියේ
දුකක් අහලා නැති අපේ අඩවියේ
සතුට ගලාලා
පොපියන සුබ දවසක් උදාවෙයන් හෙටක් කියාලා /////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment