උම්බලකඩ වඩේ හදමු (Umbalakada Wade Hadamu)

උම්බලකඩ වඩේ හදමු (Umbalakada Wade Hadamu) - Your Choice Way

මම අද  හැදුවා  උම්බලකඩ වඩේ. මේවා හදන්නේ වටානා කියන පරිප්පු විශේෂයෙන්. හරිම රසයි .

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • වටානා පරිප්පු 300g
  • උම්බලකඩ 50g
  • අමුමිරිස් කරල් 3   (සිහින්ව කපා ගත් )
  • රටළුනු ගෙඩි 1   (සිහින්ව කපා ගත් )
  • වියලි මිරිස් කරල් 3 ( කුඩාවට කපා ගත් )
  • කරපිංචා ටිකක් 
  • ලුණු කුඩු රස අනුව 
  • සිහින්ව ගාගත් පොල් මිටක්
  • බැද ගැනීමට තෙල් 

✅ සාදා ගන්නා ආකාරය :

  1. පලමුව වටානා පරිප්පු පැය බාගයක්  පෙගෙන්න තබන්න.
  2. පැය බාගයකට පසු වතුර  පෙරා බ්ලෙන්ඩ් එකේ අබරන කොටසේ සිහින්ව අබරා ගන්න . කැලි නැති වෙන්න . වතුර එක් කරන්න එපා . ඇත්තටම වතුර අවශ්‍ය නැහැ . හොදට ඇබරෙනවා. 
  3. පසුව එලෙස අබරාගත් මිශ්‍රණය භාජනයකට දමා එයට පොල් , ළුනු , කරපිංච , මිරිස්  කැලි, අමුමිරිස් , ලුණු සියල්ලම දමා හොදින් මිශ්‍ර කරන්න. 
  4. දැන් එසේ අනාගත් මිශ්‍රණය විනාඩි 30 ක් ශිත කරණයෙහි තබන්න .
  5. විනාඩි 30 ට පසු ශිත කරණයෙන් එළියට ගෙන තමන්ට කැමැති හැඩයකට වඩේ සාදා ගන්න . ( පහල පින්තූරයේ පෙනෙන පරිදි )
  6. අවසානෙට මද ගින්දරේ ගැබුරු තෙලේ  බැඳ ගන්න . 
හදලා බලන්න කෝ .Dhammika Panangala (ධම්මිකා පනංගල)

උම්බලකඩ වඩේ හදමු (Umbalakada Wade Hadamu) - Your Choice Way

උම්බලකඩ වඩේ හදමු (Umbalakada Wade Hadamu) - Your Choice Way

උම්බලකඩ වඩේ හදමු (Umbalakada Wade Hadamu) - Your Choice Way

උම්බලකඩ වඩේ හදමු (Umbalakada Wade Hadamu) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment