✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- වටානා පරිප්පු 300g
- උම්බලකඩ 50g
- අමුමිරිස් කරල් 3 (සිහින්ව කපා ගත් )
- රටළුනු ගෙඩි 1 (සිහින්ව කපා ගත් )
- වියලි මිරිස් කරල් 3 ( කුඩාවට කපා ගත් )
- කරපිංචා ටිකක්
- ලුණු කුඩු රස අනුව
- සිහින්ව ගාගත් පොල් මිටක්
- බැද ගැනීමට තෙල්
✅ සාදා ගන්නා ආකාරය :
- පලමුව වටානා පරිප්පු පැය බාගයක් පෙගෙන්න තබන්න.
- පැය බාගයකට පසු වතුර පෙරා බ්ලෙන්ඩ් එකේ අබරන කොටසේ සිහින්ව අබරා ගන්න . කැලි නැති වෙන්න . වතුර එක් කරන්න එපා . ඇත්තටම වතුර අවශ්‍ය නැහැ . හොදට ඇබරෙනවා.
- පසුව එලෙස අබරාගත් මිශ්‍රණය භාජනයකට දමා එයට පොල් , ළුනු , කරපිංච , මිරිස් කැලි, අමුමිරිස් , ලුණු සියල්ලම දමා හොදින් මිශ්‍ර කරන්න.
- දැන් එසේ අනාගත් මිශ්‍රණය විනාඩි 30 ක් ශිත කරණයෙහි තබන්න .
- විනාඩි 30 ට පසු ශිත කරණයෙන් එළියට ගෙන තමන්ට කැමැති හැඩයකට වඩේ සාදා ගන්න . ( පහල පින්තූරයේ පෙනෙන පරිදි )
- අවසානෙට මද ගින්දරේ ගැබුරු තෙලේ බැඳ ගන්න .
හදලා බලන්න කෝ .Dhammika Panangala (ධම්මිකා පනංගල)
0 comments:
Post a Comment