Susatabaranin Sarisila Song Lyrics - සූසැටබරණින් සැරසීලා ගීතයේ පද පෙළ

Susatabaranin Sarisila Song Lyrics - සූසැටබරණින් සැරසීලා ගීතයේ පද පෙළ
Song Title : Susatabaranin Sarisila (සූසැටබරණින් සැරසීලා)
ගායනය : නීලා වික්‍රමසිංහ
පද : ජයරත්න ගමගේ
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


සූසැටබරණින් සැරසීලා
නා කපනා වැහි වැටෙන වෙලේ
විසාකා තුමූ පැමිණි විලාසෙන්
මට එන්නට බෑ නිසංසලේ ....//

පමා වුණෝතින් මන්දාරම් යකු
පලාපු දර ටික තෙමා දමාවී
පමා වුණෝතින් රත්තියි පැටියයි
ඕවිට අයිනේ තෙමී නැහේවී

සූසැටබරණින් සැරසීලා
නා කපනා වැහි වැටෙන වෙලේ
විසාකා තුමූ පැමිණි විලාසෙන්
මට එන්නට බෑ නිසංසලේ

පමා වුණොත් දොළ දෙගොඩ තලාලා
ඒදඬු මංකඩ අගුලු දමාවී
එහෙම වුණෝතින් උපුලියි චූටියි
කඳුළු වතුර බී බලා ඉඳීවී

සූසැටබරණින් සැරසීලා
නා කපනා වැහි වැටෙන වෙලේ
විසාකා තුමූ පැමිණි විලාසෙන්
මට එන්නට බෑ නිසංසලේ ....//
මට එන්නට බෑ නිසංසලේ
මට එන්නට බෑ නිසංසලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment