අපි අද හදමු රුලං පිට්ටු. මේක ගොඩක් පෝෂණීය, හරිම රස recipe එකක්. අපි බලමු මේක හදන්න අපිට මොනවද අවශ්‍ය කියලා.
✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- ✔️ රුලං 100g
- ✔️ පොල් 100g
- ✔️ කැරට් (සිහින්ව කපාගත්)
- ✔️ බෝංචි (සිහින්ව කපාගත්)
- ✔️ ලීක්ස් (සිහින්ව කපාගත්)
- ✔️ ළුැණු (සිහින්ව කපාගත්)
- ✔️ කරපිංචා (සිහින්ව කපාගත්)
- ✔️ බටර් ස්වල්පයක්
- ✔️ ලුණු (අවශ්‍ය පමණ)
✅ සාදා ගන්නා ආකාරය :
- මුලින් පෑන් එක ලිප තබා බටර් දමා රත් වූ විට ළූණු, කරපිංචා එක්කර ටික වේලාවක් කලවම් කරන්න.
- දැන් කැරට්, බෝංචි, ලීක්ස්, ලුණු එකතු කර හොදින් කලවම් කරන්න.
- ඉන්පසු එම තෙම්පරාදු මිශ්‍රනය පොල්වලට එක්කර කලවම් කරන්න.
- දැන් රුලං සුවද හමන තුරු කබලේ බැද ගන්න. බැදගත් රුලං පොල් මිශ්‍රනයට එක්කර වතුර ටික ටික ඉසිමින් කැට කරගන්න.
- පිට්ටු බම්බුව ලිප තබා පිට්ටු තම්බන ආකාරයට තම්බා ගන්න. පිට්ටු බම්බුවක් නැත්නම් මුට්ටියක කට රෙදි කෑල්ලකින් තදින් බැදගන්න.
- මුට්ටිය තුළට වතුර දමා වතුර නටා ගෙන එන විට රෙදි කෑල්ල උඩට පිට්ටු මීශ්‍රනය දමා උඩින් පියනකින් වසා තම්බා ගන්න.
හදලා බලලා අපිටත් රස කියන්න.තවත් රස පදමට හදන Recipe අරගෙන මම ආයිත් එන්නම්.සියලු දෙනාට සුභ දවසක්..
අපේ රස පදම Page එක Like කරලා Share කරන්නත් අමතක කරන්න එපා.
0 comments:
Post a Comment