✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- රුලං කප් 1/2
- වතුර කප් 1 (300ml)
- සිහින්ව කපා ගත් කැරට් / ගෝවා /බෝංචි
- තම්බා පොඩි කරගත් අල
- තම්බා පොඩි කර ගත් මාළු හෝ සැමන් (කැමති නම් විතරක් දාන්න )
- ලොකු ළුනු ගෙඩි 1 (සිහින්ව කපා ගත් )
- සුදු ළුනු ගෙඩි 2
- සිහින්ව කපා ගත් කරපිංච ටිකක්
- අමු මිරිස් කරල් 4
- කැලි මිරිස් තේ හැඳි 1
- ගම්මිරිස් කුඩු තේ හැඳි 1
- ලුණු තේ හැඳි 1/2
- පාන් පිටි 50g
- කෝන් පිටි මේස හැදි 2
- වතුර
- බිස්කට් කුඩු ටිකක්
- බැදීම සදහා තෙල්
✅ සාදා ගන්නා ආකාරය :
- පලමුව භාජනයක් ලිප තබා තෙල් මේස හැදි 2 දමා සිහින්ව කපා ගත් සුදුළුනු අමු මිරිස් දමා බැද ගන්න.
- පසුව සිහින්ව කපා ගත් ළුනු සහ කරපිංච එකතු කර තෙම්පරාදු කරන්න.
- දැන් සිහින්ව කපා ගත් කැරට් , බෝංචි , ගෝවා එකතු කරන්න.කැලි මිරිස් , ලුණු එකතු කරන්න.සැමන් හෝ මාළු මිශ්‍ර කරන්න .අල එකතු කරන්න .නිර්මාංශ අය සැමන් හෝ මාළු, මස් දාන්න එපා.ගම්මිරිස් කුඩු එකතු කරන්න.
- ටිකක් වෙලා තෙම්පරාදු කර වතුර කෝප්ප 1 එකතු කර උතුරුවා ගෙන එනවිට රුලං එකතු කර හොදින් මිශ්‍ර කර උයා ගන්න .ටික වේලාවකින් වතුර සිදී යයි.එවිට ලිපෙන් ඉවතට ගෙන නිවෙන්න තියන්න .
- දැන් බැටර් එක සදා ගමු. භාජනයකට පාන් පිටි සහ කෝන් පිටි දමා මිශ්‍ර කරන්න . වතුර ටික ටික දමා උකු බැටර් එකක් සාදා ගන්න .
- දැන් මිශ්‍රණයෙන් කට්ලට් බෝල හෝ පැතලි හැඩයට සදා ගෙන බැටර් එකේ දමා බිස්කට් කුඩු වල දවටන්න. මෙලෙස දෙපාරක් කරන්න .එවිට හොදයි .
- අවසානෙට ගැඹුරු තෙලේ මද ගින්දරේ බැද ගන්න.
හදලා බලන්න කෝ. Dhammika Panangala (ධම්මිකා පනංගල)
0 comments:
Post a Comment