අපි මුලින්ම මේ විහාරයේ ඉතිහාස කතාව ගැන බලමූ..
මහාවංශයේ හා ථූපවංශයේ සඳහන් විස්තරය අනුව දුටුගැමුණු රජතුමාගේ දස මහා යෝධයන් අතර සිටි ඵුස්සදේව නම් යෝධයා ජීවත් වූයේ මේ සංඛපාල ප්‍රදේශයේයි...
ඔහු සංග්‍රාමයේදී ජය සංඛ නාද කරමින් දක්ෂ දුනුහේවායකු වශයෙන් යුද ජයග්‍රහණයන් වෙනුවෙන් වෙහෙස වූ අයෙක්ලූ..
ජනප්‍රවාදවල දැක්වෙන ආකාරයට ජයග්‍රහණයන් වෙනුවෙන් ජයසංඛ නාද සිදුකළ යෝධ හක්ගෙඩිය සංඛපාල විහාරයේ කඳු මුදුනේ තැන්පත්කර තිබෙනවාලූ....
ටික කලෙකට පසු මෙම යෝධයාට ජීවිතය ගැන කලකිරී මහණ වී තිබෙනවා.. ඔහු විසින් තමා මේ සංඛපාල විහාරය ගොඩ නංවා තියෙන්නේ...
ඔහු පසුව ඵුස්සදේව හිමියන් ලෙස මහන වෙලා...
පසු කලෙක විදසුන් වඩා රහත් වූ බවද ඓතිහාසික තොරතුරුවල සඳහන් වෙනවා...
සංඛපාල කඳු පාමුල පිහිටි පැරැණි ගල්ලෙන් කීපයකින් 3ක් මේ වන විට බුදු මැඳුරු වශයෙන් සකස්කර තියෙනවා...
ඵුස්සදේව රහතන් වහන්සේගේ භස්මාවශේෂ තැන්පත් කර ඉදිකළැයි සලකන දාගැබක් විහාරයට කිලෝමීටර් 2ක් පමණ දුරින් එනම් ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයට ආසන්නව ගල් තලාවක ඉදිකර තිබෙන අයුරු දැකගන්නට ලැබෙනවා...
මෙම ස්ථානය අද “ඵුස්සදේව සොහොන” නමින් හඳුන්වනවා...
ඒ වගේම සංඛපාල විහාරය දෙවරක් සඟසතුකළ විහාරයක්...
ඒ වගේම යුග තුනක් දැකිය හැකි විහාරයක්.. අනුරාධපුර යුගය, මහනුවර යුගය හා මෑත යුගය වශයෙන් මෙය විස්තර කළ හැකි වෙනවා..
ඒ වගේම මහරහතන් වහන්සේගේ පහසින් පරම පවිත්‍ර වූද සංඛපාල රජ මහා විහාරස්ථානය අපගේ වංශ කතාව වර්ණවත් කළ තවත් ඓතිහාසික පුද බිමක් කිව්වොත් නිවැරදී..
පින්තූර මුල්හිමිකරු සතුයි 🙏📸 Travel for Education
0 comments:
Post a Comment