Redi Nimnaya Song Lyrics - රිදී නිම්නය ගීතයේ පද පෙළ

Redi Nimnaya Song Lyrics - රිදී නිම්නය ගීතයේ පද පෙළ
Song Title : Redi Nimnaya (රිදී නිම්නය)
ගායනය : බන්දුල විජේවීර
පද : කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


රිදී නිම්නය
කඳුළු නිම්නය
ඔබය මගෙ ජීවිතයේ
නොදුටු  නිම්නය
ඔබය මගෙ ජීවිතයේ ...//

මීවිතෙන් තොල් මත්ව යනවා
ඉන්ම හදවත නිසල වෙනවා
නිසල සිතුවිලි විකල් වෙනවා
එයින් දිවියම සසල වෙනවා

රිදී නිම්නය
කඳුළු නිම්නය
ඔබය මගෙ ජීවිතයේ
නොදුටු  නිම්නය
ඔබය මගෙ ජීවිතයේ

කවුරු කවදා කෙලෙස කීවද
තඹුරු හිරු දුටු විගස නොපිපෙද
බඹරු වෙනසක් නැතිව සැරුවද
අපට හිමි සැනසුමක් කොහි වෙද

රිදී නිම්නය
කඳුළු නිම්නය
ඔබය මගෙ ජීවිතයේ
නොදුටු  නිම්නය
ඔබය මගෙ ජීවිතයේ ...//

නොදුටු  නිම්නය
ඔබය මගෙ ජීවිතයේ ...///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment