මම අද ඔයාලට අරගෙන ආවේ දැක්කම කන්නත් ලෝභ හිතෙන Recipe එකක්. බබාලා නම් මේකට ගොඩක් කැමති වෙයි. දැන් අපි බලමු මේක හදන්න අපිට මොනවාද ඕන වෙන්නේ කියලා.
✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- 🙂 සාමන්‍ය ප්‍රමාණයේ අල ගෙඩි 5
- 🙂 පාන් කුඩු 1/3 Cup
- 🙂 කෝන් ෆ්ලා 2 tbsp (මේස හැදි)
- 🙂 ලුණු රස අනුව
- 🙂 ගම්මිරිස් 1 tsp (තේ හැදි)
- 🙂 මිරිස් කුඩු 1/4 tsp (තේ හැදි)
- 🙂 බැදිමට තෙල්
✅ සාදා ගන්නා ආකාරය :
- මුලින්ම අල තම්බා පොඩි කර ගන්න. එම අල මිශ්‍රනයට පොල් තෙල් හැර අනෙක් සියල්ලම දමා අතේ නොඇලෙන පදමට 🥣 අනාගන්න. (💡 ඔයාලට මිරිස්, ගම්මිරිස් වැඩිපුර දමා කටට සැරට කන්න හදා ගන්නත් පුළුවන්.)
- ඉන්පසුව එම මිශ්‍රනය ගෙන ටිකක් මහතට සිටින සේ පැතලි කර එහි උඩ තෙල් ටිකක් ආලේප කරගන්න.
- ඉන්පසුව කුකීන් කටර් එකකින් රවුම් කපා ගන්න. කුකීන් කටර් නැත්නම් බෝතලයක පියනකින් රවුම් කපා ගන්න.
- දැන් රවුම් වල සිනා මුහුණක් සිටින සේ 🙂 ඇස් දෙක බීම බටයකින් හෝ කුඩා ප්‍රමාණයේ රවුම් කටර් එකකින් කපා ගන්න. සිනා මුහුණේ කට හැන්දකින් සලකුණු කර ගන්න.
- ඉන්පසු මෙය රත් වූ තෙලට දමා අඩු ගින්දරේ රන්වන් පාට වන තුරු බැදගන්න.
ඔයාලට අවශ්‍ය පරිදි මුහුණු හැඩ වෙනස් කර දරුවා සතුටු කළ හැකියි.
හදලා බලලා අපිටත් රස කියන්න.තවත් රස පදමට හදන Recipe අරගෙන මම ආයිත් එන්නම්.සියලු දෙනාට සුභ දවසක්..
අපේ රස පදම Page එක Like කරලා Share කරන්නත් අමතක කරන්න එපා.
0 comments:
Post a Comment