අද අපි ඉන්දියන් Recipe එකක් Try කරලා බලමු.මේක ලොකු පොඩි කාටත් හොඳ Recipe එකක්. මාස 10 බබෙකුට වුණත් ලුණු නොදා මේක දෙන්න පුඵවන්. අපි එහෙනම් පූරී හදමු.අපිට මේකට ඕන වෙනවා,
✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- 🍚 පාන් පිටි 250g
- 🥡 රුලං 100g
- 🥐 කහ
- 🧂 ලුණු
- 🥃 තෙල්
✅ සාදා ගන්නා ආකාරය :
- පාන් පිටි, රුලං, කහ ස්වල්පයක්, ලුණු අවශ්‍ය ප්‍රමාණයක් ගෙන භාජනයකට දමා හොඳින් මිශ්‍රකර වතුර ටික ටික එකතු කරමින් අතේ නොඇලෙන පදමට පිටි මෝලියක් සදා ගන්න.
- පිටි ඉසගත් ලෑල්ලක් මත සාදාගත් පිටි මෝලිය ඝනකම සිටින ලෙස රෝලයකින් තුනීකර ගන්න.
- ඉන්පසු අවශ්‍ය ප්‍රමාණයට රවුම් කපා ගැඹුරු තෙලේ පූරිය මතට හොදින් තෙල් ඉසිමින් රන්වන් පාට වන තෙක් බැඳ ගන්න.
- අපිට පුඵවන් Beetroot කෑල්ලක්, නිවිති කොළ කිහිපයක් Blender කර පිටි මෝලියට එක් කරන්න. එයින් වර්ණවත් ලෙස පූරි සකසා ළමයින්ට වෙනසක් ඇති කළ හැක.
මේක ඔයාලා හදලා බලලා අපිටත් කියන්න. 💛තවත් රස පදමට හදන Recipe අරගෙන මම ආයිත් එන්නම්.සියලු දෙනාට සුභ දවසක්...
අපේ රස පදම Page එක Like කරලා Share කරන්නත් අමතක කරන්න එපා.
0 comments:
Post a Comment