Pile Pahana Niwwa Man Song Lyrics - පිලේ පහන නිව්වා මං ගීතයේ පද පෙළ

Pile Pahana Niwwa Man Song Lyrics - පිලේ පහන නිව්වා මං ගීතයේ පද පෙළ
Song Title : Pile Pahana Niwwa Man (පිලේ පහන නිව්වා මං)
ගායනය : සුනිල් එදිරිසිංහ
සංගීතය : රෝහණ වීරසිංහ
ගී පද : කුමාරදාස සපුතන්ත්‍රී


පිලේ පහන නිව්වා මං ගොම්මං අඳුරේ
තනිකම වරෙං ඉදිකඩ පැන මං නිදි පැදුරේ //

පෑල වියේ හීතල හඳ ඇවිත් මගේ තනි රකින්න
දොලේ හඞට උණ පඳුරේ වැනියං මට බලා ඉන්න
කාගෙත් දුකට හූමිටි ලන උලලේනෝ පලා යන්න
මගේ තනිය ළඟට වරෙං තුරුළු වෙලා නිදාගන්න

පිලේ පහන නිව්වා මං ගොම්මං අඳුරේ
තනිකම වරෙං ඉදිකඩ පැන මං නිදි පැදුරේ

කාටත් එකට උණුහුම දෙන ඉර පිපුණේ ඉරිමාවක
මගේ සතුට පෑල දොරින් යන්න ගියේ හැන්දෑවක
බොල් ඉපනැලි පුසුඹ ඉහෙයි පිපී සුසුම් මල් යායක
හිතේ දුකට දෑස හඬයි කඳුළු හලා ගංගාවක

පිලේ පහන නිව්වා මං ගොම්මං අඳුරේ
තනිකම වරෙං ඉදිකඩ පැන මං නිදි පැදුරේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pile Pahana Niwwa Man Song Lyrics - පිලේ පහන නිව්වා මං ගීතයේ පද පෙළ Pile Pahana Niwwa Man Song Lyrics - පිලේ පහන නිව්වා මං ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 25, 2021 Rating: 5

0 comments:

Post a Comment