Niya Pela Sidalayi Datha Panne Song Lyrics - නිය පෙළ සිඳලයි දෑත පාන්නේ ගීතයේ පද පෙළ

Niya Pela Sidalayi Datha Panne Song Lyrics - නිය පෙළ සිඳලයි දෑත පාන්නේ ගීතයේ පද පෙළ
Song Title : Niya Pela Sidalayi Datha Panne (නිය පෙළ සිඳලයි දෑත පාන්නේ)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද : සිසිර දිසානායක
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


නිය පෙළ සිඳලයි දෑත පාන්නේ
තුරුළට ගන්නට ආදරයෙන්
දැලි පත සිඳලයි කොපුල පාන්නේ
මුව සිපගන්නට ආදරයෙන් ...//

මව් නැති යාමේ
මා උර මඬලේ
දෙතොල් හොවයි කිරි සුවඳ සොයා ...//

දහඩිය සුවඳක් දැනුණි ද පුතුනේ
දෙරණට මුහුවන නුඹ වෙනුවෙන්

නිය පෙළ සිඳලයි දෑත පාන්නේ
තුරුළට ගන්නට ආදරයෙන්
දැලි පත සිඳලයි කොපුල පාන්නේ
මුව සිපගන්නට ආදරයෙන්

නිදි නැති යාමේ
මා ළය තුරුලේ
කැළුම් ගෙනෙයි මුදු සිනහ පපා ...//

උණුසුම් සුවඳක් දැනුණි ද පුතුනේ
පවනට මුහුවන නුඹ වෙනුවෙන්

නිය පෙළ සිඳලයි දෑත පාන්නේ
තුරුළට ගන්නට ආදරයෙන්
දැලි පත සිඳලයි කොපුල පාන්නේ
මුව සිපගන්නට ආදරයෙන් ...//

ම්... ම්ම්ම්.... ම්... ම්ම්ම්....
ම්... ම්ම්ම්.... ම්... ම්ම්ම්....
ම්... ම්ම්ම්.... ම්... ම්ම්ම්....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment