Monawada Muththe Mokada Karanne Song Lyrics - මොනවද මුත්තේ මොකද කරන්නේ ගීතයේ පද පෙළ

Monawada Muththe Mokada Karanne Song Lyrics - මොනවද මුත්තේ මොකද කරන්නේ ගීතයේ පද පෙළ
Song Title : Monawada Muththe Mokada Karanne (මොනවද මුත්තේ මොකද කරන්නේ)
ගායනය : විශාරද රෝහණ වීරසිංහ සහ අනූෂා නානායක්කාර
පද රචනය : ටිබෙට් ජාතික එස් මහින්ද හිමි
සංගීතය : රෝහණ වීරසිංහ


මොනවද මුත්තේ මොකද කරන්නේ
මොකටද ඔබ ඔය බිම හාරන්නේ

නුඹටත් ලමයෝ නොපෙනේ නොසිතමි
අඹ ඇටයක් සිටුවන්නට හාරමි

දුකසේ සිටුවා අඹ ඇටයක් අද
එක අඹයක්වත් කන්න ලැබේවිද


මම ලමයෝ මින් අඹයක් නොපතමි
යුතුකම පමණක් ඉටුකොට තබනෙමි

තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට
කරන්න හැකිදේ නොම තේරෙයි මට

පුදුමයි ලමයෝ නුඹෙ ඔය අදහස
හැදුනොත් ඔහොමට නුඹටම වෙයි දොස

පෙර උන් අය සිටවූ අඹගස් වල
ඵලයෙන් අප කවුරුත් ලබනෙමි පල

අපෙන් පසුව එන අයටත් එම ඵල
ලැබෙන්න සැලසුම අපගේ යුතුකම

ඒ යුතුකම හොඳ හැටි දැන ගත්තෙමි
ආයුබොවන් මුත්තේ මම යන්නෙමි///

මහින්ද හිමි හොඳ කිවිවරයන් වහන්සේ නමකි. මේ ගීයේ මෙතරම් මනහර බවට හේතුව නියමාකාරයෙන් රැකි එළිවැට සේම එළිසමය යයි හඟිමි.

"මොනවද" මුත්තේ මොකද කරන්නේ
"මොකටද" ඔබ ඔය බිම හාරන්නේ

"නුඹ"ටත් ළමයෝ නොපෙනේ නොසිතමි
"අඹ" ඇටයක් සිටුවන්නට හාරමි

"දුක"සේ සිටුවා අඹ ඇටයක් අද
"එක" අඹයක්වත් කන්න ලැබේවිද

"මම ළම"යෝ මින් අඹයක් නොපතමි
"යුතුකම" පමණක් ඉටුකොට තබනෙමි

"තමන්ට" නොලැබෙන දේකින් ලෝකෙට
"කරන්ට" හැකිදේ නොම තේරෙයි මට

"පුදු"මයි ලමයෝ නුඹෙ ඔය අදහස
"හැදු"නොත් ඔහොමට නුඹටම වෙයි දොස

"පෙර උන්" අය සිටවූ අඹගස් වල
"ඵලයෙන්" අපි කවුරුත් ලබනෙමු පල

"අපෙන්" පසුව එන අයටත් එම ඵල
"ලැබෙන්"න සැලසුම අපගේ යුතුකම

"ඒ යු"තුකම හොඳ හැටි දැන ගත්තෙමි
"ආයු"බොවන් මුත්තේ මම යන්නෙමි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment