Miniskamata Nambu Nama Song Lyrics - මිනිස්කමට නම්බු නාම ගීතයේ පද පෙළ

Miniskamata Nambu Nama Song Lyrics - මිනිස්කමට නම්බු නාම ගීතයේ පද පෙළ
Song Title : Miniskamata Nambu Nama (මිනිස්කමට නම්බු නාම)
ගායනය : රෝහණ වීරසිංහ
සංගීතය : රෝහණ වීරසිංහ
ගී පද - වසන්ත කුමාර කොබවක


මිනිස්කමට නම්බු නාම දුන් මිනිස් මුවින්
මිනිස්කමට නිගා ගෙනෙන වියරු රුදු වදන් //
ඇසේය මිනිස් පුරවරෙන් //

කල්පනා සොඳය මනුපුර බෝසතුන් මවන තරමට
කල්පයේ දැවෙන සිත් නෙත් නිවාලන ලෙසා
කප්තුරෙත් සැදෙයි පිළිලද මල් මගෙත් සිටිත් දෙබරුද
සහසකුත් අසති දෙව්දත් දනන්ගේ මුසා

මිනිස්කමට නම්බු නාම දුන් මිනිස් මුවින්
මිනිස්කමට නිගා ගෙනෙන වියරු රුදු වදන්
ඇසේය මිනිස් පුරවරෙන් //

පිල් හැලී හඬන මොණරුද බල බිඳී තැවෙන කෙසරුද
කලි යුගේ හොඳත් නොහොඳැයි නිගා දෙනු අසා
නියඟයත් වැසිත් සදන අහස සේම විඳිමු ගැරහුම්
මුණිවරුත් බොරළු කටු මග ඇවිද ගිය නිසා

මිනිස්කමට නම්බු නාම දුන් මිනිස් මුවින්
මිනිස්කමට නිගා ගෙනෙන වියරු රුදු වදන් //
ඇසේය මිනිස් පුරවරෙන් /////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Miniskamata Nambu Nama Song Lyrics - මිනිස්කමට නම්බු නාම ගීතයේ පද පෙළ Miniskamata Nambu Nama Song Lyrics - මිනිස්කමට නම්බු නාම ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 28, 2021 Rating: 5

0 comments:

Post a Comment