Malak Nela Genawith Song Lyrics - මලක් නෙලා ගෙනවිත් ගීතයේ පද පෙළ

Malak Nela Genawith Song Lyrics - මලක් නෙලා ගෙනවිත් ගීතයේ පද පෙළ
Song Title : Malak Nela Genawith (මලක් නෙලා ගෙනවිත්)
ගායනය : පේෂලා මෙන්ඩිස්
පද : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


මලක් නෙළා ගෙනවිත් බුදු සාදුට පිදුවා
ඒ දැක බුදු සාදු මදෙස හෙමිහිට බැලුවා
බොරුවක් නොව මේ කියන්නෙ ඇත්තම ඇත්තෙන්
මේ මල මම නෙළා ගත්තෙ මගෙ මල් වත්තෙන්

නොදැනෙන නොහැඟෙන හින්දයි මේ විමසන්නේ
ඉතින් තවම ඇයි ඔබ මා දැක හිනැහෙන්නේ

ගිය ඉරිදා ඉස්කෝලේ එන්න බැරි වුනේ
ලොකු අම්මා එක්කලා මම නුවර ගියානේ
බොරුවක් නොව මේ මම ඇත්තයි පවසන්නේ
ඉතින් තවම ඇයි හිමි මා දැක හිනැහෙන්නේ
මා දැක හිනැහෙන්නේ

අමුතු හිනාවකි හිමි ඔබ මවෙත හෙළන්නේ
මා ගැන හොඳ හැටි දන්නා බවෙකි කියන්නේ
සමාවෙන්න හිමියණි බොරු නොකියමි හිතකින්
නෙළා ගත්තෙ මේ මල නංගිගෙ මල් ගසකින්
නංගිගෙ මල් ගසකින්

දරුවන් වෙත දෙනෙත් හෙළා හිමි වැඩ ඉන්නේ
හොර බොරු කිසි දින නොකරනු මැනවි ළමයිනේ....//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment