Mage Puthuta Mal Song Lyrics - මාගෙ පුතුට මල් ගීතයේ පද පෙළ

Mage Puthuta Mal Song Lyrics - මාගෙ පුතුට මල් ගීතයේ පද පෙළ
Song Title : Mage Puthuta Mal (මාගෙ පුතුට මල්)
ගායනය : සිසිර සේනාරත්න
සංගීතය : සිසිර සේනාරත්න
ගී පද : ධර්මසිරි ගමගේ


මාගෙ පුතුට මල් යහන සදන්නේ
දෑස සිහින වැල් පාවී එන්නේ
රෝස කැලේකින් හමුවූ වැන්නේ
මට මේ කුමරුන් කවුදෝ දුන්නේ
මාගෙ පුතුට මල්

පුංචි පුතුනි ඇයි කිරට හඬන්නේ
කවුද පුතුට ලේ කිරි කර දෙන්නේ
පුංචි පුතුනි ඇයි කිරට හඬන්නේ
කවුද පුතුට ලේ කිරි කර දෙන්නේ
අම්ම කියාලයි බහ තෝරන්නේ
අම්ම කියාලයි බහ තෝරන්නේ
ඒ සුදු අම්මා කොහෙදෝ ඉන්නේ
මාගෙ පුතුට මල්

මවගෙ ළමැද ලේ කිරට පෙරෙන්නේ
ඒ කිරි සුවඳයි ලොව පවතින්නේ
මවගෙ ළමැද ලේ කිරට පෙරෙන්නේ
ඒ කිරි සුවඳයි ලොව පවතින්නේ
පුතුගේ සිනාවෙන් සතුට සැදෙන්නේ
පුතුගේ සිනාවෙන් සතුට සැදෙන්නේ
මල් යහනාවේ පුතු නැළවෙන්නේ
මට මේ කුමරුන් කවුදෝ දුන්නේ
කවුදෝ දුන්නේ
කවුදෝ දුන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Puthuta Mal Song Lyrics - මාගෙ පුතුට මල් ගීතයේ පද පෙළ Mage Puthuta Mal Song Lyrics - මාගෙ පුතුට මල් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 23, 2021 Rating: 5

0 comments:

Post a Comment