මගේ විදියට ඇට නොකැඩෙන්න,බෙරි නොවෙන්න බාස්මති උයන හැටි...
✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- සෝදා ගත් බාස්මති හාල් (අවශ්‍ය පමණට)
- වතුර
- තෙල්
✅ සාදා ගන්නා ආකාරය :
- හාල් තිබෙන මට්ටමේ සිට අත තබා මැදගිල්ලේ පලවෙනි පුරුකට වතුර තියා ගන්න.(පහල පින්තූර බලන්න)
- රයිස් කුකර් එක ලිඩ් එක වසා ඔන් කරන්න.
- බත පිසී අවසන් වු පසු තෙල් ස්වල්පයක් එක්කරන්න.හැදි මිට ආධාරයෙන් කූරු ගාන්න.
- නැවතත් ස්වල්ප වේලාවක් warm එකේ තබා ගන්න .
✅ වැදගත්
- හාල් ඕනම ප්‍රමාණයකට , මැදගිල්ලේ පලවෙනි පුරුකට වතුර තිබ්බම ඇතිද? ඔව්
සමහර තරු පංතියේ හෝටල් වල කෑමට ගියාමත් දකින දෙයක් තමා බාස්මති බත කැඩිලා ඒකේ කිසිම ලස්සනක් නැහැ .ඒ බාස්මති බත්ද කියලත් කනකම් සැකයි....ගොඩාක් දෙනෙක්ට අමාරුයි මේ බාස්මති බත හරියට උයන්න.බාස්මති උයනවානම් ඒකේ ඇට නොකැඩෙන්න උයා ගන්න ඕනේ.එතකොටයි හාලේ වටිනා කම තියෙන්නේ.ගොඩාක් දෙනෙක් බාස්මති හාල් උයන්න කලින් පොගවනවා , වතුර වැඩි පුර තියලා බත ඉදෙද්දී බතේ කැද පෙරනවා...මේවා වැඩි වැඩ..මගේ ක්‍රමය බොහොම සාර්ථක ලෙහෙසි ක්‍රමයක් කියලයි මට හිතෙන්නේ ...😊
බාස්මති හාල් ගැනත් ටිකක් කතා කරනවානම් බාස්මතී සහල් වල ග්ලුටන් නමැති ප්‍රෝටීනය බහුලව ඇති අතර එය අනෙක් සහල් වලට වඩා කැඳ ගතියෙන් වැඩිය . කැඳ ගතිය වැඩි නිසා ඇලෙන සුළු වෙනවා. ඒ නිසා පිසීමේදී එය වැඩිපුර ඇලෙන්න පුළුවන්.ඉතිං අපේ කට්ටිය මේකට බටර් තෙල් දාලා එක එක දේවල් කරන්න උත්සහ කරනවාත් දැකලා තියෙනවා .බාස්මති සහලට ආවේණික සුවදක් රසයක් තියෙනවා.විශේෂයෙන්ම බාස්මති ගැන කිව යුතුම වැදගත් දෙය නම් බාස්මතී වල ඇති ජීරණය පහසු කරන ගුණය නිසාත් "ග්ලයිසමික් දර්ශකය" ( Glycemic index) අඩු බැවින් ආහාර පාලනය කරන අයට මෙන්ම දියවැඩියා රෝගිනටද අගුණයක් නෙවේ.
ස්තුති !
මං රයිස් කුකර් එකේ හදන්නේ |
සෝදා ගත් බාස්මති හාල් |
වතුර |
හාල් තිබෙන මට්ටමේ සිට අත තබා මැදගිල්ලේ පලවෙනි පුරුකට වතුර තියා ගන්න. |
රයිස් කුකර් එක ලිඩ් එක වසා ඔන් කරන්න |
දැන් බත පිසී අවසන් |
මේ ලස්සනට තැම්බිලා |
දැන් තෙල් ස්වල්පයක් එක්කරන්න |
හැදි මිට ආධාරයෙන් කූරු ගාන්න |
නැවතත් ස්වල්ප වේලාවක් warm එකේ තබා ගන්න. |
නොඇලෙන්න,ඇට නොකැඩෙන්න ,බෙරි නොවෙන්න බාස්මති උයන්න ...සරයි ලෙහෙසි පහසුයි...ඒ මගේ ක්‍රමය. |
Page එක Like කරලා Share කරන්නත් අමතක කරන්න එපා.
𝑪𝒂𝒌𝒆𝒔 𝒂𝒓𝒆 𝑺𝒑𝒆𝒄𝒊𝒂𝒍 𝑬𝒗𝒆𝒓𝒚 𝑩𝒊𝒓𝒕𝒉𝒅𝒂𝒚 ,𝑬𝒗𝒆𝒓𝒚 𝑪𝒆𝒍𝒆𝒃𝒓𝒂𝒕𝒊𝒐𝒏 𝑬𝒏𝒅𝒔 𝒘𝒊𝒕𝒉 𝒔𝒐𝒎𝒆𝒕𝒉𝒊𝒏𝒈 𝒂 𝑪𝒂𝒌𝒆 & 𝒑𝒆𝒐𝒑𝒍𝒆 𝒓𝒆𝒎𝒆𝒎𝒃𝒆𝒓 𝑰𝒕'𝒔 𝒂𝒍𝒍 𝒂𝒃𝒐𝒖𝒕 𝒕𝒉𝒆 𝒎𝒆𝒎𝒐𝒓𝒊𝒆𝒔!
# 𝙹𝚊𝚛 𝙲𝚊𝚔𝚎𝚜
# 𝙲𝚞𝚙𝚌𝚊𝚔𝚎𝚜
# 𝙱𝚒𝚛𝚝𝚑𝚍𝚊𝚢 𝙲𝚊𝚔𝚎𝚜
# 𝚆𝚎𝚍𝚍𝚒𝚗𝚐 𝚂𝚝𝚛𝚞𝚌𝚝𝚞𝚛𝚎𝚜
𝘊𝘩𝘦𝘧 𝘕𝘢𝘥𝘦𝘦 𝘈𝘮𝘢𝘳𝘢𝘴𝘪𝘯𝘨𝘩𝘦
Chef Nadee - Click Here (DM to Orders,Promotions & Collaborations.)
0 comments:
Post a Comment